ඛණිජ තෙල් නීතිගත සංස්ථාව IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගනී…

අරමුණ පැය දෙකකින් විදුලි කප්පාදුව අඩු කරගැනීම...

IOC

දැනට රටපුරා පවතින විදුලි කප්පාදුව පැය 2කින් අඩුකර ගැනීමට IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් ලබා ගැනීමට  රජය  සැලසුම් කර ඇත.

ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අදාළ ඉන්ධන තොගය මිලදී  ගැනීමට නියමිත බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි 

අද රාත්‍රී 11 පමණ වන විට එම ඉන්ධන තොගය විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමටත් ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02කින් පමණ අඩුකර ගැනීමටත් පියවර ගෙන ඇතැයිද  ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලි කප්පාදුව අද (31) දිනයේදී පැය 13ක් ක්‍රියාත්මක වන අතර එය ඉදිරියේදී පැය 15ක් දක්වා වර්දනය විය හැකි බව විදුලිබල වෘත්තිය සමිති පවසා තිබිණි.

 

Exit mobile version