“කෝවිලට එන බැතිමතුන් සීමා කරන්න එපා”

කොන්ඩමනාරු කෝවිල ඇමති ඩගලස්ගෙන් ඉල්ලයි

දිනසේන රතුගමගේ

යාපනයේ තොණ්ඩමානාරූ සෙල්වා ශාන්ති මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්ලයට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව සීමා නොකරණ ලෙස එම කෝවිලේ බාරකාර මණ්ඩලය උතුරු පළාතේ එකම අමාත්‍යවරයා වන ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්ද මහතාගෙන් ඉල්ලා තිබේ.

මෙම කෝවිලේ වාර්ෂික මංගල්ලය අගෝස්තු මස 19 වෙනිදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 2 දා අවසන් වීමට නියමිතය.


මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට පිළිතුරක් ලබා දෙන බවට ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා කෝවිලේ බාරකාර මණ්ඩලයට එකග වී තිබේ.

නමුත් යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ල සමයේ ඊට සහභාගී විය හැකි බැතිමතුන් සංඛ්‍යාව පනහකට සීමා කල අවස්ථාවේදී යාපනයේ බලධාරීන් අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට එම සංඛ්‍යාව 350 ක් දක්වා වැඩි කර ගෙන තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මේ දිනවල නල්ලූර් කෝවිලේ එක් දේව පූජාවක් සදහා තුන්දහසකට වඩා බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගී වීම නිසා ඊට වහාම පිලියම් යොදන ලෙස යාපනය දිසාපති වරයා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

Exit mobile version