කොළඹින් පිටත් වන බස් ගමනාන්ත නියාමන වැඩපිළිවෙළක්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලෙන් පිටත්වන පුද්ගලික බස් රථ තමන්ට නියම කර ඇති වේලාවට කලින් හෝ පසුව ගමනාන්තයට ලගා ව⁣න්නේදැයි පරීක්ෂා කර එවැනි රියදුරන් දැනුවත් කර අවවාද කිරීමේ වැඩසටහනක් ඊයේ (12)  දින සිට ආරම්භ කරන ලද අතර ඒ අනුව බස් රථ 267 ගමනාන්ත 22 ක් වෙත ලගාවීම පරීක්ෂා කිරීමේදී ඉන් බස් රථ 119 ක් නියමිත වේලාවට ප්‍රමාදව ගමනාන්තයට ලගා වී ඇති බවටත් , බස් රථ 55 ක් නියමිත වේලාවට පෙර ගමනාන්තයට ලගා වී ඇති බවටත් අනාවරණය වී ඇත.

ඒ අනුව අධික වේගයෙන් ධාවනය  මාර්ග තදබදය ඇති කරමින් ප්‍රමාදව ධාවනය නොකිරීමට පළමු වරට මෙම බස් රථවල රියදුරන් දැනුවත් කර අවවාද කර ඇත.

මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ හදිසි ඇමතුම් අංශය හා ප්‍රාදේශීය කොට්ඨාස රථවාහන අංශ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

Exit mobile version