කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව වෙනුවට ස්පුට්නික් !

SLMA writes to the President on vaccination strategy

vaccines

කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මේ වනවිට කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති රෝගීන් ලක්ෂ 6ට දෙවන මාතාව ලබාදීමට රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ඔවුන්ට දැනට මෙරටට ගෙන්වා අති ස්පුට්නික් එන්නතෙන් එම මාත්‍රාව ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කඩිනම් සායනික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රජජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා වෙත වත්මන් වසංගත තත්ත්වය හමුවේ කඩිනමින් ගත යුතු පියවර පිළිබඳ ව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය තවදුරටත් පවසන්නේ විද්‍යානුකූලව ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රාව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබා ගැනීමේ හැකියාවක් පවතින බව පෙනී යන බවයි.

මෙහිදී කඩිනම් සායනික පරීක්ෂණයක් සඳහා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් රෝගීන් සිය දෙනකුට ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා දී ඔවුන්ගේ ප්‍රතිදේහ මට්ටම සති දෙකකට පසුව පරීක්ෂා කිරීමෙන් මෙම තීරණය සඳහා සාධණීය සායනික ප්‍රතිඵලයක් ගත හැකි බව පෙන්වා දෙයි. එසේම එන්නත්කරණයේදී රජය මේ වනවිට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල සිටින ඉදිරිපෙළ අවදානමේ පසුවන පුද්ගලයන් සඳහා විධිමත් එන්නත්කරණයක් සිදු කිරීම අගයන අතර සෙසු පුද්ගලයන් සඳහා එන්නත්කරණයේදී පවතින අඩුපාඩු අවම කරගෙන ඊට නිසි ක්‍රමෝපායක් සකස් කළ යුතු බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ. එහිදී විශේෂයෙන් අධි අවදානමක් පවති කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය එන්නත්කරණයේදී ලබා දීමෙන් ඉදිරියේදී මෙවැනි හදිසි රට වසා දැමීමේ තත්ත්වයන් මඟ හැර ගත හැකි වන බව ද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.


“ලෝකයේ වෙනත් රටවල සහ ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 73ක් සිදුවන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරය. සමස්තයක් ලෙස සිදුවන කොවිඩ් මරණවලින් සියයට 83කට හේතුවන්නේ වෙනත් රෝග සංකූලතා පවතින පුද්ගලයන් අතරය. දැනට පවතින පර්යේෂණ දත්ත මඟින් පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ මෙම එන්නත්කරණය මඟින් රෝගීන්ට කොවිඩ් වෛරසය මාරාන්තික මට්ටමට පත්වීමෙන් වළක්වා ගත හැකි වන බවය.

එසේ නොමැතිව කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට නම් රටේ ජනගහණයෙන් විශාල කොටසකට මෙම එන්නත. ලබා දිය යුතුය. එවැනි පසුබිමක් තුළ අප මේ මොහොතේ කළ යුත්තේ කොවිඩ් හේතුවෙන් සිදුවන සංකූලතා සහ මරණ අඩු කිරීමය. එහිදී අදාල අවදානම් සහගත කණ්ඩායම්වලට එන්නත් ලබා දීම අතිශයින්ම වැදගත්ය. මෙම විද්‍යාත්මක කරුණු සැලකීමේදී වයස අවුරදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නතේ ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එසේම වෙනත් රෝග සංකූලතා පවතින වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායම්වලට ඊළඟ ප්‍රමුඛතාව හිමි විය යුතුය.

එසේ නොමැතිව මහජනතාව වැඩිපුර ගමන් බිමන් යන ජනාකීර්ණ තැන් ඉලක්ක කරගෙන සියලු දෙනා එන්නත්කරණයෙන් මෙම එන්නතෙන් ලැබෙන අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය දැනට සිදු කරගෙන යන අවදානම් ලෙසින් සැලකෙන ග්‍රාම නිලධාරී වසම් ඉලක්ක කරගෙන සිදු කරන එන්නත්කරණය අනුමත නොකරයි. මේ වනවිටත් ඔවුන් තුළ රෝගය පැතිර තිබීමේ අවදානමත් ඔවුන් තුළ ප්‍රතිදේහ ගොඩ නැගී යම් ප්‍රතිශක්තියක් ගොඩ නැගී තිබෙන්නට ඉඩබොහෝ දුරට ඉඩ ඇත. ඒ වෙනුවට සමාජයේ ඉහත කී අධි අවදානම් සහිත වයස්ගත පුද්ගයන්ට එන්නත ලබා දීමට පියවර ගත යුතු අතර වෙනත් රෝග තත්ත්ව සහිත පුද්ගයන් වෙත ලබා දීම සඳහා රජයේ රෝහල්වලටද සමාන එන්නත් කොටසක් වෙන් කළ යුතුයි. එසේම ආර්ථික මධ්‍යස්ථානවල , පොදු මඟී ප්‍රවාහන සේවකයන් යැනි අවදානම් සහගත කාණ්ඩ සඳහා ද සමාන ප්‍රමුඛතාව ලබා දීම වැදගත්ය.“යනුවෙන්ද ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සඳහනා කර තිබේ.

Exit mobile version