කොවිඩ් සුව වු බව තහවුරු කළ නාවික සෙබලු 7 දෙනෙකුට යළිත් කොරෝනා වැළඳේ

කෝවිඩ් 19 ආසාදිත තත්වයේ පසුවී හෝමාගම රෝහලින් ප්‍රතිකාර ලබා සුව වූ බව තහවුරු කළ පසු  පසුගිය 17 වැනිදා සපුගස් කන්ද නිරෝධායන කඳවුරට ඇතුළත් කළ නාවික හමුදා සෙබලුන් හත් දෙනෙකුට නැවත කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින්…

ඔවුන් යළි ආසාදිත තත්වයේ පසුවන බව තහවුරු වී ඇත්තේ නැවත වරක් පසුගිය 24 දා කළ පී.ආර්.සී පරීක්ෂණ වලින් අනතුරුවය.

කොවිඩ් 19 ආසාදිත හමුදා සෙබලුන් 80කට වඩා වැඩි පිරිසක් විටින් විට හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.  මේ පිරිසෙන් සුව වූ කණ්ඩායම් නැවත කඳවුරට යොමු කරන්නට පෙර සපුගස්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලබයි. නැවත වරක් සෙබලුන් කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුර වන්නේ මේ  නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිය දී ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර වාර්තා වන්නේ අද (27) අලුයම කරන ලද පී.ආර්.සී පරීක්ෂණවලින් රෝගය සුව වූ බව තහවුරු කළ නාවික හමුදා භටයන්  සිවු දෙනෙක් පුරා පැය දහයකට වඩා වැඩි කාලයක් හෝමාගම රෝහලේ කොවිඩ් ආසාදිත සෙබලුන් සමග තබා ඇති බවය. මෙම සෙබලුන් සිව් දෙනා සපුගස්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඉන් අනතුරුව දෙවන වර කොවිඩ් වැළඳුන සෙබලුන් හත් දෙනා සමග හෙට (28) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version