කොවිඩ් සුව වී නිවසට පැමිණි තිදරු මව යළි කොවිඩ් වැළඳී මිය යයි…

covid

ලලිත් චාමින්ද –  කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු මවකට යලි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇත්තේ දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 89ක් වියැති තිදරු මවකි. ඇය කොවිඩ් වෛරසය ආසාදනය විමෙන් හික්කඩුව කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත්කොට ඇත.

කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් ප්‍රථිකාර ලබාගෙන නිවසට පැමිණ ඇත. නිවසේ සති දෙකක පමණ කාලයක් ගතකොට ඇති අතර යලි උණ රෝගය වැළදි හුස්ම ගැනිමට අපහසුවි පුද්ගලික රෝහලක් වෙත රැගෙන යමින්සිටියදි මියගොස් ඇත.

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි විසින් සිදුකරණු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතා විසින් සිදුකරණු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කළාය.

Exit mobile version