කොවිඩ් සුව වී දින 04කින් පී.සී.ආර් කිරීම නාස්තියක්… හේමන්ත හේරත්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් රෝගය වැළදී ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී සුවය ලබා නිවස බලා යන පුද්ගලයෙකු දින 4ක් පමණ කාලයක් නිවසේ රැදී සිට සිය සේවා ස්ථානය වෙත යාමේදී නැවත පීසීආර් පරික්ෂණයක් කිරීමට අවශ්‍ය නොවන බවත් එය නිරපරාදේ මුදල් හා සම්පත් වැය කිරිමක් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

රෝගී වී සිට නැවත තම සේවකයින් රැකියා සඳහා වාර්තා කරන විට ඇතැම් හාම්පුතුන් නැවත පීසීආර් පරික්ෂණයක් කර වාර්තාවක් ලබා ගන්නා ලෙසට දැනුම් දී ඇතැයිද එවැනි දැනුම් දීම් පදනමක් නොමැති යැයි ඔහු පෙන්වාදේ.

කොවිඩ් රෝගය සුව වුවද ඇතැම් පුද්ගලයින්ගේ ශරීරය තුළ මැරීගිය වයිරස් කොටස් අන්තර්ගත වන බැවින් පීසිආර් වාර්තාවන් පොසිටිව් ලෙසට ලැබෙන අවස්ථාවන් තිබෙන නමුත් එවැනි රෝගීන්ගෙන් රෝගය තවත් පුද්ගලයෙකුට බෝනොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදේ.

Exit mobile version