කොවිඩ් ලැම්ඩා ගැන අමුතු බයක් එපා… මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති..

priyadharshani-Galappaththi

මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති

කොවිඩ් 19 ව්‍යාප්ත කරන ලැම්ඩා වයිරසය මෙරටට පැමිණියහොත් දැනට කොවිඩ් 19 වයිරසයට එරෙහිව ලබා දෙන ඕනෑම එන්නතක්  ඒ සඳහා සාර්ථක වනු ඇතැයි තමා විශ්වාස කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිලිබඳ මහාචාර්ය  විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති   සඳහන් කරයි.

ලෝකයේ ඩෙල්ටා වයිරසය ව්‍යාප්ත වීමට පෙර ඇල්ෆා හා බිටා වයිරසයන් පැතිර ගිය අවස්ථවලදී ලබා දුන් එන්නත් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථකව ක්‍රියාකරන බවද පෙන්වා දුන් ඇය සඳහන් කළේ මේ ආකාරයෙන්ම ලැම්ඩා ප්‍ර‌භේදයට මෙම එන්නත් ක්‍රියාකරනු ඇති බවට විශ්වාස කළ හැකි බවය.

දැනට ව්‍යාප්ත වන කොවිඩ් 19 වයිසරයන් සඳහා ලොව මෙතෙක් ප්‍රති ඖෂධ නිපදවා නොමැති නමුත් ඇත්තේ එන්නත් පමණක් බැවින් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට වහාම කටයූතු කළ යුතුයැයි ඇය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත ද  සෞඛ්‍ය පුරුදු හා මුවආරණයන් නිසි ලෙස පැළදීම , සමාජ දුරස්ථභාවය රැකීම හා සංචරණය සීමා මගින් මෙම රෝගයෙන් මිදී සිටිය හැකි බවද ඇය සඳහන් කරයි

Exit mobile version