කොවිඩ් රෝගීන්ට වෙන් කර තිබුණේ ICU ඇඳන් 38යි… චන්න ජයසුමන පිළිගනී…

ඇඳන් 200ක් දක්වා වැඩි කරන්න තීන්දු කරලා තිබෙන්නෙ ඊයෙ...

කොවිඩ්- 19 රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් 38 ම මේ වනවිට පිරී පවතින හෙයින් ඒ සඳහා  ඇඳන් 200ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඉදිරි සති කිහිපය තුළ රෝගීන් වැඩිවිය හැකි බැවින් ඊට සූදානම් වීම සඳහා රජය ඊයේ පියවර රැසක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් වැඩි කිරීම සහ ප්‍රතිකාර පහසුකම් ඒ අතර වේ.

දැඩි සත්කාර ඒකකයේ ඇතුළත් වීමේ ප්‍රතිශතය දෙගුණ වන බැවින් රජය ඊයේ (31) මෙම තීරණය ගත් බව හෙතෙම කියා සිටී.


එහෙත් මීට පෙර ලංකාසර අප යළි යළිත් කළ හෙළිදරවු කිරීම්වල  දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 700ක් පවතින බව කීවාය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් (මහජන) විශේෂඥ වෛද්‍ය එම්. ආර්නල්ඩ්  ප්‍රකාශ කළේ  දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 82ක් තුළ   දැඩිසත්කා  ප්‍රතිකාර සදහා ඇඳන් 146ක් ඇති බවය.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ පළමු හා දෙවන රැල්ලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය වන පද්ධති සංවර්ධනය කර තිබී ඇත්තේ රෝගීන්ගෙන් සියයට 0.2 කට පමණක් වන නමුත් වෛරසයේ නව ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමත් සමඟ එය දෙගුණ වී ඇති බවය.

මේ කතාව කියවන්න..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණයත් අන්දන්න හදන දැඩි සත්කාර ඒකක ඇඳන්වල බොරුව සහ  ඇත්ත

 

Exit mobile version