කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිනී තවත් සති දෙකක් ඇඳිරිනීතිය ඉල්ලයි

sudarshani fernandopulle

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.

මෙය ඇගේ පෞද්ගලික අදහස බව ඇය සඳහන් කළාය.


ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මාලවිගේ මහත්මිය සිදු කළ පර්යේෂණ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන්ගේ 14% ක වර්ධනයක් පැවතුනද, මෙම අගය ජනගහනයෙන් අවම වශයෙන් 9 ගුණයකින් වැඩි බව මෙම පර්යේෂණයෙන් තහවුරු වන බවය.

ඩෙල්ටා ප්‍රභේදය ඉහළ යත්ම, කොපමණ ආසාදිතයන් සිටිය හැකිදැයි කිව නොහැකි බව ඇය තවදුරටත් පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අගෝස්තු 20 දා සිට ක්‍රියාත්මක කෙරුණු අතර එය සැප්තැම්බර් 6 දා ඉවත් කිරීමට නියමිතය.

Exit mobile version