කොවිඩ් නීති නොතකා එළුවන් කැපූ කාලි කෝවිල් පූජකයා 34ක් සමග අත්අඩංගුවට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනසේන රතුගමගේ

කොරෝනා නීති රීති නොතකා යාපනයේ වඩමරච්චි අල්වායි උතුර විරුමාර් කාලි කෝවිලේ එළුවන් කැපීමේ මංගල්ලයක් පැවැත්වූ පූජකවරයෙකු හා ඊට සහභාගී වූ බැතිමතුන් සියයකට අධික පිරිසෙන් 34 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එළුවන් කැපීමේ මංගල්ලයට සහභාගී වූ සියයකට අධික පිරිසෙන් මුව ආවරණයක් හෝ නොමැතිව සිටි 34 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉතිරි පිරිසට නිරෝධායනය වන ලෙස උපදෙස් දුන් සෞඛ්‍ය නිලධාරීන් අත් අඩංගුවට ගත් පූජකවරයා ඇතුලු 34 දෙනා පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

පේදුරුතුඩුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරින් මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version