කොවිඩ් නිසා මිය ගිය ගැබිනි මවුවරු 35ම එන්නත් අරන් නෑ…  

සියලුම එන්නත් හොඳම එන්නත්…. ලැබෙන එන්නත පළමු අවස්ථාවේ දීම ගන්න... සෞඛ්‍ය අංශ කියයි...

කොවිඩ් ආසාදිත වූ ගර්භනී මව්වරුන් 35 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි ද මෙසේ මිය ගිය කිසිම මවක් කොවිඩ් එන්නත ලබා නොගත් අය බව වාර්තා වී ඇතැයි කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල්   සදහන් කරයි.

කොවිඩ් එන්නත ලබානොගෙන සිටින ගර්භනී මව්වරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත්  මරණයට පත්වීමේ අවදානම හැරුණු කොට නොමේරු දරුවන්  ලැබීමේ හෝ මළදරු උපත් සිදුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවද හෙළිව ඇතැයි විශේෂඥවරයා අවදාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 එම නිසා කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබානොගත් මවක් සිටින්නේ නම් තමාගේ ජීවිතය මෙන්ම කුසතුල වැඩෙන දරුවාගේ ජීවිතය ගැනද සිතා වහාම එන්නත්කරණයට යොමු වන්නැයි ඔහු සියලුම ගර්භනී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


 

Exit mobile version