කොවිඩ් දින 100යේ ප්‍රගතිය ගැන විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ උදම් අනයි

ශ්‍රි ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වී ඊයේට දින සියයක් පිරුණු බවත් ශ්‍රි ලාංකිකයන් ලෙස දින සියයකින් පසු ලොක්යේ සෙසු රටවල ජනතාවට සාපෙක්ෂව අප ඉතා සතුටු විය යුතු බවත් කොළඹ විශ්ව විද්‍යාලයයේ කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ පවසයි.

දින සියයකට පසුව පුද්ගලයන් දස ලක්ෂයකට රෝගී ආසාදිතයන් ගණන සම්බන්ධයෙන් https://ourworldindata.org/coronavirus-data මඟින් සිදු කරන ලද ඇගයීමේදී මෙරට සිටිනුයේ රෝගීන් පුද්ගලයන් මිලියනයකට රෝගීන් 90.06කි.

රෝගය සාර්ථකව පාලනය කළ බව කියන නවසීලන්තයේද පුද්ගලයන් මිලියනයකට රෝගීන් 240ක් පමණ වාර්ත වී ඇත. එසේම ලෝකයේ දියුණු රටවල් සමඟ සැසඳීමේදී අපේ තත්ත්වය ඉඩතාම යහපත් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.


ඔස්ට්‍රේලියාවේ මෙම තත්ත්වය පුද්ගලයන් මිලියනයකට රෝගීන් 291ක් වන අතර ඉන්දියාවේ රෝගීන් 297කි.
ජර්මනිය , සව්ටිසර්ලන්තය බ්‍රිතාන්‍යය, ඉතාලිය ස්පාඥ්ඤය, ඇමෙරිකාව කැනඩාව වැනි රටවල් සැලකීමේදී ඔවුන්ගේ ජනගහණයෙන් පුද්ගලයන් මිලියනයකට රෝගීන් 2500ත් 5000ත් අතර වාර්තා වන අතර ඇමෙරිකාවේ එය හය දහසද ඉක්මවයි.

ඒ අනුව බලන කල ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 සාර්ථක පාලනයක් සිදුව ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ මේ තත්ත්වය අත්පත් කර ගැනීමට ඉතා සාර්ථක ව ක්‍රමෝපායයක්ද දියත් කළ සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයට සිය ප්‍රණාමය පළ කරයි.

එසේම ඔහු රෝගය පැතිර යාම වැළැක්වීමට සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂක අංශවලට සිය ස්තූතිය පළ කරන අතරේ රජයේ සෞඛ්‍ය අංශ විසින් දෙන ලද පනිවිඩ අනුව සෞඛ්‍යාරත්ෂිත පියවර අනුගමනය කරමින් රෝගය ව්‍යාප්ත වීම පාලනය කෙරෙහි උනන්දු වූ ජනතාවටද ස්තූතිය පළ කරයි.

අවම දේශපාලනික ඇඟිලි ගැසීමක් සහිතව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව රෝගය පාලනය වෙනුවෙන් කැප වුණු සියලු දෙනාම මේ පිළිබඳව ආඩම්බර විය යුතු බවද පවසන මහාචාර්ය ජයසිංහ තම සටහන අවසන් කරන්නේ මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මගේ ආදරණීය ශ්‍රි ලංකිකයිනි. අප සමහර රටවල්වල වගේ ජනතාවට මැරෙන්න දී බලාගෙන නොසිටීම පිළිබඳව අපේ රටට සෞඛ්‍ය අංශවලට ස්තූතිවන්ත විය යුතුයි. අපට ඉදිරියට ගැන සූදානම් වීමට සාර්ථක දින 100ක් ලැබී තිබෙනවා. ඊළඟ පියවර ඇත්තේ ඔබේ අතේ. මුඛ ආවරණ පළඳින්න. දෑත් නිතර පිරිසිදුව තබා ගන්න. ශාරීරික දුරස්ථභාවය තබා ගන්න. උණ උගුරේ ආසාදන හෝ සෙම්ප්‍රතිෂ්‍යාව ඇත්නම් පිටතට නොයන්න ..“

Exit mobile version