කොවිඩ් ණය සහනය ලබන දෙසැම්බර් 31 තෙක් දීර්ඝ කෙරෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙනුවෙන් ලබා දුන් ණය සහනය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සහනය ක්‍රියාත්මක වන කාල සීමාව හෙටින් (අගෝස්තු 31) අවසන් වීමට නියමිත වන අතර මේ වනවිට එම සහනය දීර්ඝ කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වන බවට මෙරට බැංකුවලටද නිල නොවන මට්ටමින් දන්වා ඇත.

ඊට අදාල චක්‍රෙල්ඛය අද හෙට සියලුම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට යැවීමට නියමිත බවද මහ බැංකු ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ව්‍යාපාර සඳහා මේ වනවිට රුපියල් බිලියන 60ක පමණ සහනයක් ලබා දී ඇති බව මහ බැංකුව පවසයි.

Exit mobile version