කොවිඩ් ගෝලීය හදිසි තත්ත්වය නිල වශයෙන් අවසන් කරයි !

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ප්‍රකාශයට පත් කළ  “ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” තවදුරටත් වලංගු නොවවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් නිවේදනය කරයි.

වසර තුනක් තිස්සේ ලෝකය පුරා මෙම වසංගතය හේතුවෙන් හදිසි වසංගත තත්ත්වයක්  ප්‍රකාශයට පත්කෙරුණු අතර  වසංගතය අවසන් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙම හදිසි තත්ත්වය අවසන් කිරීම සැලකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි

කොවිඩ් 19 වසංගතය සම්බන්ධ හදිසි ක්‍රියාකාරී කමිටුව 15 වැනි  වතාවට ඊයේ (04) රැස්ව ඇති අතර ගෝලීය තත්ත්වය පිළිබඳව තක්සේරුවක් කරමින් තවදුරටත් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් අවශ්‍ය නොවන බව ට තීන්දු කර ඇති අතර එම හදිසි තත්ත්වය අවසන් කරන බවට ගෝලීය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් ග්‍රෙබ්‍රියේසස්ට ප්‍රකාශ කර තිබේ.

එ අනුව මේ බව ප්‍රකාහ්‍යට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානිය ප්‍රකශහ කළේ තවදුරටත් මෙම ගෝලීය වසංගය වෙනුවෙන් දැඩි පීඩනයකින් සිටිය යුතු නැති බවයි. පසුගිය වසරක පමණ කාලයක් තුළ ලෝකයේ වසංගතය පැතිරීම අඩුව අති බවත් ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩුවීම සහ එන්නත් සහ රෝගය වැළඳීම මත අතිවන ප්‍රතිශක්තිය ලෝක ජනතාව තුළ වර්ධනය වී ඇති බවත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද හදිසි තත්ත්වයක් අවසන් වුවද මෙම කොවිඩ් තර්ජනය තවමත් අවසන්ව නැති බවත් මෙම වෛරසය තවමත් මරණ සිදු කරන අතර වෛරසයේ රටාව වෙනස් වෙමින් අලුත් අලුත් ප්‍රභේද බිහි වමින් පවතින බවද සිහිපත් කළ වෛද්‍ය ටේඩ්රෝස් මේ පිළිබඳවද ගෝලීය වශයෙන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

Exit mobile version