කොවිඩ් කාලේ වුණු භාරයක් ඔප්පු කිරීමට ඇමතිනි පවිත්‍රා මුලතිව් ගිහින්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා හදිසියේ මුලතිව් ප්‍රදේශයේ සංචාරයකට සහභාගී වී ඇති බව එම ප්‍රදේශයේ ආරංචි මාර්ග ඇසුරින් සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. මුලතිව් හි වට්ටපලයි කංකානි අම්මාන් කෝවිලට තම පවුලේ සාමාජිකයන් සමඟ පැමිණි ඇය එහිදී යම් ආගමික වතාවත්වලට සහභාගී වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණය අනවශ්‍ය බව ඇයගේ ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ට ද දැනුම් දී ඇත.
තමන් කොවිඩ් ආසාදනය වූ අවස්ථාවේ සිය හිතවතකු විසින් කළ භාරයක් ඔප්පු කිරිමට ආසාදිත තත්තවයෙන් සුවය ලද ඇය හදිසියේම පැමිණ ඇති අතර එම වතාවත්වලින් පසුව අමාත්‍යවරිය පිටව ගොස් ඇත.

Exit mobile version