කොවිඩ් ආසාදිතයන්ගේ නිවාස සඳුඳා (17) ප්‍රතිකාර ඒකක වෙයි…

ලබන සඳුදා (17) සිට රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිත  රෝගීන් ඔවුන්ගේ නිවෙස්වල නවත්වා නිරීක්ෂණය කිරීම හා ප්‍රතිකාර කිරීමේ වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවාය.

පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වූ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන   රෝගීන් සඳහා මේ පිළිවෙත අනුගමනය කරන බව ඇය කීවාය.    තමන්ගේ  නිවෙස්වලම සිටින රෝගීන්    සෞඛ්‍ය නිලධාරීන් විසින්  අධීක්‍ෂණය කරනු ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් එම රෝගීන්ට යම් සංකූලතාවක් ඇතිවුවහොත් වහාම ඔවුන්  රෝහල්ගත කරන බව ඇය  පැවසුවාය.


 

Exit mobile version