කොවිඩ් ආධාර ලෙස ලද රුපියල් බිලියන 1.34ක වෛද්‍ය සැපයූම් අමාත්‍යාංශ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වෙලා නෑ… විගණනය කියයි!

ලලිත් චාමින්ද-

කොවිඩ් 19 යටතේ  සෞඛ්‍ය අමාත්‍යංශයට හා  ඒ යටතේ පවතින රෝහල් හා ආයතන වෙත  2020 වර්ෂයේ දි ලැබි තිබු  රුපියල් මිලියන  1,339.28ක්  වටිනා  විවිධ භාණ්ඩ, වෛද්‍ය උපකරණ හා වෛද්‍ය සැපයිම්  අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබු බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම වටිනාකම නොදත් භාණ්ඩ ඒකක 2,444ක් ද  මුල්‍ය ප්‍රකාශනවල  ඇතුළත් කර නොතිබුණි.2020 වර්ෂයේ දි විවිධ විදේශිය රාජ්‍යයන්, දේශිය හා විදේශිය ආයතන, සංවිධාන හා පුද්ගලයින්, සහ දේශිය හා විදේශිය  රාජ්‍ය නොවන සංවිධාන   විසින් මෙම   වෛද්‍ය උපකරණ ඇතුළු විවිධ  සැපයිම් ලබා දි තිබුණි. ගිණුම්ගත නොකළ සියලු වත්කම් හඳුනාගෙන  ගිණුම්ගත කරමින්  2022 වර්ෂයේ මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඉදිරිපත් කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ සම්බන්දයෙන් අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට  සඳහන් කොට ඇත්තේ  කොවිඩි 19 යටතේ  රෝහල් හා ආයතනවලට ලැබි ඇති  මුල්‍ය හා මුල්‍ය නොවන ආධාර  පාරිත්‍යාග පිළිබද  තොරතුරු ලබාගෙන  මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත්විම හෝ නොවිම පිළිබද  කඩිනමින් වාර්තා කරණ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.


Exit mobile version