කොවිඩ් අස්සේ රළ පනාව හූරා දමා පරාක්‍රම සමුද්‍රයේ හදන ලක්ෂ 340ක ඇවිදින මං තීරුව..

ගොවි සංවිධාන විරුද්ධයි... මේ සල්ලිවලින් රෝහල්වලට ඔක්සිජන් ටිකක් අරන් දෙන්න... මිනිස්සු කියති...

පොලොන්නරුව ඓතිහාසික  පරාක්‍රම සමුද්‍රයේ වෑ කන්දේ රළ පනාවට යෙදා ඇති දැවැන්ත කළු ගල් විතැන්කර  කිලෝමීරටයයි මීටර 700ක් දිග ඇවිදින මං තීරුවක් සෑදීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති ආකාරය වාර්තා වේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන  බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගොවි සංවිධානවල විරෝධය නොතකා   පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර ඇත.


මේ සම්බන්ධයෙන්  මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ පටන්ම තම ගොවි සංවිධානය එයට විරෝධය පළකල බව  එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර  ඇති බවත් මේ පිළිබඳව ලංකාදීප පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේ දී කෝටි ගණන් වියදම් කර කොමිස් අපේක්ෂාවෙන් කරන මෙම ව්‍යාපෘති නවත්වා හුස්ම ගන්න බැරි රෝගීන් වෙනුවෙන් ඔක්සිජන් සඳහා මේ මුදල වැය කළ නොහැක්කේ කුමක් නිසා දැයි ප්‍රදේශවාසීහු විමසති.

 

 

Exit mobile version