කොවිඩ් අපාය බලන්න රාගම ගිය පවිත්‍රා කියපු කතාව…

කොවිඩ් රෝගීන්ට තව වාට්ටු ගන්න... ඒත් මදිනම් තවත් වාට්ටු ගන්න... ඇමතිවරිය උපදෙස් දෙයි..

සාමාජ මාධ්‍ය ජාලයන්හි පසුගිය දිනවල ප්‍රචාරය වූයේ රෝගීන් පළමුවරට ඇතුළත් කරන වාට්ටුවේ දර්ශන බව තමන් එහි ගිය අවස්ථාවේ දැනගත්තේ යැයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි කීවාය.  

ඇමතිනිය කී පරිදි කොවිඩ් නොවන කොවිඩ් යැයි සැක කරන රෝගීන් බඳවා ගන්නා රාගම වාට්ටුව

ඇමතිවරිය එසේ පැවසුවේ රාගම කොවිඩ් අපාය දැකීමට අද (08)  සවස සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් සමග   රාගම  රෝහලට පැමිණි අවස්ථාවේ දී ය.


ඇමතිවරිය මාධ්‍යයට  කීවේ කොවිඩ් රෝගීන් සිටින වාට්ටුවල තත්වය එසේ නොවන බවය. මේ වීඩියෝවේ ඇත්තේ රාගම කොවිඩ් වාට්ටුවේ ස්වරූපය ය.

රාගම කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව

කොවිඩ් ප්‍රතිකාර නිරීක්ෂණය කළ ඇමතිනිය මාධ්‍යයට පවසා තිබුනේ  රාගම රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.ඒ  රණවීරට උපදෙස් මාලාවක් ලබා දුන් බවය. ඒ උපදෙස් අතර රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන් කිරීම,   ඊටත් වඩා අවශ්‍ය නම් තවත් වාට්ටු කොවිඩ් ප්‍රතිකාර සඳහා ලබා දීම 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාගම රෝහලට ඇතුළත් කරන කොවිඩ් ආසාදිතයින් පළමුවෙන් එක් වාට්ටුවකට ඇතුළත් කර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කළ යුත්තේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍යවරිය සඳහන් කළාය.

 

Exit mobile version