කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් තවත් අයෙක් කොවිඩ් නිවුමෝනියාවෙන් මරුට….

covid

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම එන්නත්කරගෙන සිටි සිවිදරු පියෙකු කොවිඩ් නිව්මොනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

මියගොස් ඇත්තේ අහංගම ගුරුල්ලවල ප්‍රදේශයෙ පදිංචි 73 හැවිරිදිවියේ පසුවන අයෙකි. මැයි මස 29 වැනිදින මෙම පුද්ගලයා සයිනොපාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ජුනි මස 28 වැනිදින ලබාගෙන ඇත.

පසුගිය 23 වැනි දින ඔහු සෙම් අමාරුව හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති අතර රෝහලේදි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි 25 වැනිදින මියගොස් ඇත.

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය සහකරා අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි විසින් සිදුකරණු ලැබුවාය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලිකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.

Exit mobile version