කොරෝනා මැද ඡන්දේ කරන හැටි ගැන මැ.කොට සෞඛ්‍යයෙන් උපදෙස්…

රැස්වීම් තහනම් - ගෙයින් ගෙට යාමත් බෑ

මැතිවරණ ප්‍රචාරණ රැළි නොපැවැත්විය යුතු බව නිර්දේශ කරමින් මෙවර මැතිවරණයේදි අනුගමනය කළ යුතු නිර්නායක ඇතුළත් මාර්ග උපදේශන වාර්තාව සෞඛ්‍ය බලධාරීන් විසින් අද (3) සවස මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇත.

මෙම වාර්තාව ක්‍රියාවට නැංවීම සම්බන්ධව හෙට (4) සිට අඛණ්ඩව සාකච්ඡා කොට ලබන සදුදා (8) මැතිවරණ කොමිශන් සභාව යළි රැස්වී මැතිවරණය පැවැත්වෙන දිනය නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම හා මනාප අංක නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය, ඊට රාජ්‍ය සේවකයින් සම්බන්ධ කරගන්නා ආකාරය, මැතිවරණ ප්‍රචාරය හා ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාර දියත් කළ යුතු ආකාරය, ඡන්ද දිනයේදී ඡන්ද විමසීම් කටයුතු කළයුතු ආකාරය හා ඡන්ද ගණන් කිරීම් සිදුවිය යුත්තේ කුමන ආකාරයට ද යන්න පිළිබදව මාර්ග උපදේශන ඇතුළත් සවිස්තර වාර්තාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් විසින් සකස් කරනු ලැබ ඇත.


මෙම මාර්ග උපදේශන හා ඊට අදාලව මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මීට සතියකට පමණ පෙර මැතිවරණ කොමිසමේ සහ සෞඛ්‍ය නිලධාරින් අතර සාකච්ඡා වට කිහිපයක් බේරුවල සුපිරි හෝටලයක දී පුරා දින දෙකක් රජයේ පැවැත්විණි.

කොරෝනා වසංගතය හේතුවෙන් වෙනත් මැතිවරණවලදි මෙන් මෙවර ප්‍රචාරක රැළි පැවැත්වීම, කාර්යාලවල සෙනග ගැවසීම, සංදර්ශන පැවැත්වීම, පිරිස් වශයෙන් රැස්වී කාඩ් සෙල්ලම් කිරීම, කැරැම් ගැසීම, සෞඛ්‍ය මාර්ග උපකදේශනයන්ට අනුව තහනම් කොට තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි මැතිවරණය සදහා ලබාදී තිබෙන මාර්ග උපදේශන ක්‍රියාවට නැංවීම සදහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය නිලධාරියෙක් යෙදවීමටත්, ඡන්ද මධ්‍යස්ථාන පහකින් සමන්විත කලාපයක් සදහා වෛද්‍යවරයෙක්, හෙද නිලධාරීන් දෙදෙනක් පොලිස් නිලධාරියෙක් ඇතුළත් ජංගම නිල රථයක් යෙදවීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති අවස්ථාවක පවත්වන මැතිවරණයේදී සෞඛ්‍ය නිර්නායක අකුරටම ක්‍රියාත්මක කරන අතර එම නිර්නායක කඩකරන අය සම්බන්ධ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුකර ඊට එරෙහිව පියවර ගනු ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.

Exit mobile version