කොරෝනා මඬින්න කැපවූ PHIලාට අතිකාල දීමනා තාම නෑ – අද වර්ජනයක්

කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා විවිධ කැපවීම් කරමින් කටයුතු කළ නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය වෙනුවෙන් ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස මෙතෙක් ලබාදීමට පියවර නොගැනීම සම්බන්ධව විරෝධය පළකරමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (01) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මේ අනුව කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්වල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 200ක් පමණ සේවා කටයුතුවලින් බැහැර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ සභාපති අමල් නිශාන්ත මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහුගිය ජුනි මාසය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අතිකාල පැය 150 ක් ලබාදී ඇතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට පැය 100ක් ලබාදෙමින් එකම සෞඛ්‍ය අධ්‍යක්ෂවරයකු යටතේ මෙලෙස දෙයාකාරයකට සැලකීම නිසා ඊට විරෝධය පළකරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බව ඒ මහතා පැවසීය.


Exit mobile version