කොරෝනාවට බියෙන් බෝට්ටුවෙන් ලංකාවට ඇවිත්…

තමිල්නාඩු අනාථ කඳවුරේ සිට පැමිණි දියණිය සහ පියා මඩු පොලිසියට භාර වෙති..

දිනසේන රතුගමගේ –

කොරෝනා වසංගතය නිසා බියට පත් පියකු හා දියණියක් ඉන්දියාවේ සරණාගත කඳවුරක් අතහැර බෝට්ටුවක් මගින් තලෙයිමන්නාරමට පැමිණ 2 දා මන්නාරම මඩු පොලීසිය වෙත බාර වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා බියට පත් පියා ඉන්දියාවේ තමිල්නාඩුවේ සරණාගත කදවුර අතහැර බෝට්ටුවක ආධාරයෙන් පැමිණ තිබේ.

වයස අවුරුදු  33 ක් වන පියා හා අවුරුදු  8 ක් වන දියණිය මන්නාරම මඩු පොලිස් ස්ථානය වෙත බාරවීමෙන් පසුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යවා තිබේ.


මන්නාරම මඩු පණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පදිංචිව සිටි මේ පියා 1990 වසරේදී ඉන්දියාවට යන විට  වයස අවුරුදු දෙකහමාරක දරුවකුව සිටි අතර ඔහු ඉන්දියාවේදී විවාහ වීමෙන් පසුව ඔහුට දරුවන් දෙදෙනෙකු වෙයි.

දියණිය හා බිරිද පසුව මඩු ප්‍රදේශයට රැගෙන ඒමේ චේතනාවෙන් යුතුව ඔහු වැඩිමල් දියණිය පමණක් රැගෙන තලෙයිමන්නාරමට පැමිණ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසුව මේ දෙදෙනාට එරෙහිව  ආගමන විගමන නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට මඩු පොලීසිය බලාපොරොත්තු වෙයි.

Exit mobile version