කොරෝනාවට ඇමරිකාවෙන් බෙහෙත් පෙත්තක් !

ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මර්ක් සමාගම විසින් කොරෝනා රෝගීන්ට ලබාදිය හැකි බෙහෙත් පෙත්තක් සාර්ථක ව අත්හදා බලා ඇති බව වාර්තා වේ.ඒ අනුව තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින මෙම පෙත්ත මගින් කොරෝනා වැළඳුණු පුද්ගලයින් රෝහල් ගතවීම හා මරණයට පත්වීම් සියයට 50කින් අවම කිරීමට හැකියාව පවතින බව අදාළ ඖෂධ සමාගම පවසයි.

මර්ක් සමාගම සමඟ එක්ව කටයුතු කරන රිජ්බැක් සමාගම මෙම නව බෙහෙත් පෙත්තට ඇමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා සිය පර්යේෂණ ප්‍රතිඵල බලධාරීන්ට යොමු කිරීමට නියමිත බවත් පර්යේෂකයෝ  සඳහන් කරති.

අදාළ බෙහෙත් පෙත්ත පරීක්ෂා කිරීමට ලොව පුරා පුද්ගලයින් යොදාගෙන ඇති අතර ඔවුන්ට සෑම පැය 12කට වරක්ම දින 5ක කාලයක ඖෂධ භාවිතා කර ඇත.


මේ අතර ෆයිසර් සමාගමද කොරෝනා වෛරස සඳහා බෙහෙත් පෙත්තක් පිළිබඳ පර්යේෂණ සිදුකරමින් සිටින බවට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් මෙම ඖෂධ එන්නත්කරණයට පරිබාහිර වන අතර අදාල ඖෂධ වෛරසය ආසාදිතයින් සඳහා පමණක් ලබාදෙන අතර එන්නත්කරණය මීට පරිබාහිර ක්‍රියාවක් බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

Exit mobile version