කොටුවේ සහ පිටකොටුවේ වෙළෙඳුන්ට වදයක් වුණු කප්පම් කරුවන් කොටුවේ

කොළඹට දුරබැහැර සිට පැමිණෙන වාහන වලින් සහ කොටුව, පිටකොටුව,   කෙසෙල්වත්තේ   වෙළදුන්ගෙන් සහ කප්පම් ලබාගන්නා සංවිධානාත්මක කල්ලියක  අපරාධකරුවන්   අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පොලිසිය විසින්  දියත්කර තිබේ.

මේ වනවිට මැනින් වෙළෙඳපලට හා පිටකොටුව කැලෑ මාර්කට් නමින් හඳුන්වන රාන්‍රී පොළට පිට පලාත්වල සිට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලින් කප්පම් ගන්නා කල්ලියක සාමාජිකයන් 05 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කහවත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24, 36,38,55 සහ 60 යන වයස්වල පසුවන්නන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලොරි රථ රියදුරන්ගෙන් දිනපතා රුපියල් 100 සිට 500 දක්වා මුදලක් මෙම කල්ලිය විසන් කප්පමක්  ලෙස  ලබාගන්නා බවත් එම මුදල් විවිධ පුද්ගලයන් අතර බෙදී යන බවත් මෙම  කප්පම් ගැනීම මෙහෙයවනු ලබන්නේ පාතාලයට සම්බන්ධ පිරිසක්   බවත් පොලිසි විමර්ශන හෙළි කරගෙන ඇත.


Exit mobile version