කොටස් වෙළෙඳපොළ උස්සා පොළොවේ ගසන වට්ස්ඇප් කණ්ඩායමක් ගැන ආචාර්ය හර්ෂ කියයි

ඇතැම් මහා පරිමාණ ආයෝජකයන් වට්ස්ඇප් කණ්ඩායම් නිර්මාණය කර ගනිමින් කොටස් වෙළෙඳපොළ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන බව පවසමින් අනවශ්‍ය ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ හැසිරවීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ අරමුණ කොටස් මිල උස්සා පොලොවේ ගැසීම බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. පසුගිය කාලයේදීත් මෙම ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ උස්සා පොළොවේ ගැසූ බවත් එයින් වැඩිම හානියක් සේවක අර්ථ සාධක අරමුදලට සිදුවුණු බවත් මෙවර මේ හානිය කාට අත්වේදැයි සිතා ගත නොහැති බවත් පැවසුවේ ඊයේ (31)මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අර්බුදය හමුවේ වවුද අතැම් බැංකු සහ ව්‍යාපතකිරකයන් අසීමිත ලාබ ලබමින් සිටින බවත් ඒ අතරේ සමස්ත ජනතාවත් සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවත් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

“ආණ්ඩුව කිව්වේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන දේශීය ව්‍යවසායකයා සුරකින දේශීය ගොවියා සුරකින ආර්ථික වැඩපිළිවෙළක් අපි ගාව තියෙනවා ඒ විකල්ප ආර්ථික වැඩපිළිවෙළ හරහා අප ශ්‍රී ලංකාව ශක්තිමත් කරනවා කියලා .එහෙම කියල විශාල බදු සහන 2019 දෙසැම්බර් වන විට ලබා දුන්නා එහිදී හොරු කණ්ඩායමකට මහා විශාල ලාභ ලබන්න යින් බදු ගෙවන්න තිබෙන ප්‍රමාණය අතිශයින් අඩු කරලා ඔවුන්ගේ සුඛ විහරණයට අවස්ථාව ලබා දුන්නා . අපි දකිනවා මේ ආයතනවල ලාභ රුපියල් බිලියන ගණන් වලින් ඉහළ යන බව. දැන් ලීසින් එක ගෙවා ගන්න ණය වාරිකය ගෙවා ගන්න නොහැකිව ඉන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායයන්ක ඉතාමත් ම අමාරු තැනකට තල්ලු වෙලා. නමුත් මෙවැනි තත්ත්තවයක් තුළත් බැංකුවල ලාභය 2020 මුළු අවුරුද්දටම 2019 ටත් වඩා ඉහල ගිහින් තිබෙනවා. උදාහරණයක් විදියට ලංකා බැංකුවේ ලාභය මහා විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා කොළඹ කොටස් වෙළදපොළ අරගෙන බැලුවොත් අදහගන්න බැරි විදිහට ඉහළ යනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි දකිනවා සමහර ආයෝජකයන් වට්සප් ගෲප් හදාගෙන ඒ හරහා අභ්‍යන්තර තොරතුරු යැයි කියා ගන්නා දේවල් ඔවුන් අතර හුවමාරු කරගනිමින් කොටස් වෙළෙඳපොළ කෘත්‍රිම ලෙස උස්සලා. ගිය පාර උස්සලා උස්සලා අවසානයේදී අර්ථසාධක අරමුදලට තමයි ඒක ඇතෑරියේ මේ පාර කොහොම වේවිද කොහොම කවුරුත් දන්නේ නැහැ නමුත් මම කියාගෙන යන්නේ යම්කිසි සුළු කණ්ඩායමක් විශාල ලෙස මේ වසංගත කාලය තුළ ධනය උපයා ගන්නා බව ඒවට බදු නොගෙවා නොයෙකුත් දේශීය විදේශීය බැංකුවල තැන්පත් කරනවා“ යයිද ආචාර්ය හර්ධෂ ද සිල්වා තවදුරටත් සඳහන් කළේය


Exit mobile version