කොටදෙණියාවේ ඉන්දීය යකඩ කම්හලක  ඉන්දියානුවන් 2ක් කොවිඩ් ආසාදිතයි…

ලංකාවට ඇවිත් තිබෙන්නේ 15 දා... ඉන්දියානුවන් 67 ඇතුළුව සියල්ලන්ම කම්හල තුළ නිරෝධානයේ...

දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොටදෙණියාව කරබොටුවාව පිහිටි ඉන්දියානු යකඩ කර්මාන්ත ශාලවේ සේවය කරන ඉන්දියානු සේවකයන් දෙදෙනෙකුට කොවිඩඩ් වෛරසය ආසාදනය වී ඇති බව  අද (05) ලැබුණු පී.සී.ආර්. වාර්තාවලින් සනාථ වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය

එම ඉන්දියානු ජාතික සේවකයන් ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 15 දා බවත් මොවුන් දෙදෙනාට වැළඳී ඇත්තේ දැනට ඉන්දියාවේ පැතිරිගෙන යන වෛරසය දැයි යන්න සොයා බැලීමට අදාල සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

එතෙක් මෙම ආසාදිත ඉන්දියානු  සේවයකින් දෙදෙනාව කර්මාන්ත ශාලාව තුළම රඳවා ඇතැයි ද ඔහු පැවසුවේය.


ඉකුත් 15 දා ඉන්දියාවේ සිට මෙම කර්මාන්ත ශාලාවට මෙම අසාදිත සේවයකයන් දෙදෙනා සමග තවත් ඉන්දියානුවන් 10 දෙනෙක් පැමිණ තිබේ. මෙම පුද්ගලයන් දෙදෙනා සමග පැමිණි අනෙක් පුද්ගලයන් 08 දෙනා ත් වෙන් කර ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම ආයතනය තුළ නිරෝධායනය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඉන්දියානු  යකඩ කර්මාන්ත ශාලාවේ ඉන්දියානුවන් 66 දෙනෙක් හා දේශීය සේවකයන් 184 දෙනෙක් සේවය කරන බව වාර්තා වේ.

 

Exit mobile version