කෘෂිකර්මයෙ ඉන්නෙ මාෆියා කාරයෝ… හැප්පෙන්න ලෑස්තියි… මහින්දානන්ද කියයි!

කෘෂිකර්ම අමාත්‍යාංශය මාෆියාවක් ක්‍රියාත්මකවන තැනක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි. තමන් මින් පෙර අමාත්‍යාංශ කීපයකම කටයුතු කර ඇතත් මෙවැනි මාෆියා කරුවන් මුණගැසී නැති බවත් ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා සහ ඉහළ නිලධාරීන් හමුවී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

එහිදී  ඇමතිවරයා පවසා ඇත්තේ මේ මාෆියාවෙන් මොනතරම් අභියෝග පැමිණියත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්නොහැර එය ක්‍රියාත්මක කිරීමට කැපවන බවය.    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවංක දක්ෂ නිලධාරීන් සිටියත් බාහිර උපදේශකයින් විසින් ඔවුන්ගේ හිස අවුල් කරන බව ඇමතිවරයා පවසයි.


රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගොස්   සිය දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදුවුවද රටට සහ ජනතාවට වන යහපත ගැන සිතා එම විනාශය නොසලකා හරින බවත්   තමන් කරන්නේ  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නායකයා සමඟ නොසැලී සිටගැනීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් මීට පෙර අමාත්‍යංශ කිහිපයක අමාත්‍ය ධූර හොබවා ඇතත් ඉන් සෑම ස්ථානයකටම වඩා කෘෂිකර්ම අමාත්‍යංශය මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවයි අමාත්‍යවරයා කීවේය.

Exit mobile version