කෘෂිකර්මයට ඇමතිලා 9යි කට්ටියම කන්න රැස්වීමට කට්ටි පැන්නා – රෝහිණි කවිරත්න කියයි

මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවිබිම්වලින් භාගයකවත් තවම කන්න රැස්වීම් පවත්වා නැතයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.
මහා පරිමාණ වාරි කර්මාන්තවල කන්න රැස්වීම ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ මුලිකත්වයෙන් පැවැත්විය යුතු නමුත් කුඩා රැස්වීම් පැවැත්වීමේ පිළිගත් ක්‍රමවේදයක්, සාම්ප්‍රදායක් පවතින බවත් එසේ වුවද තවමත් මහ කන්නයේ කන්න රැස්වීම්වලින් භාගයක්වත් පවත්වා නැති බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ආණ්ඩුවේ තීරණ නිසා, රාජ්‍ය නිලධාරීන් ගොවීන් ලඟට යාමට පවතකින බය නිසා රැස්වීම්වලින් මඟහරින බව කවිරත්න මහත්මිය පැවසූවේ රත්තොට පැවති ගොවි සංවිධාන රැස්වීමක් අමතමිනි.

“බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියලා රාජ්‍ය ඇමතිකෙනෙක් ඊයේ කියලා තිබුණා. ඒ ඇමති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල් නාශක ඕනි කියලා.


කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැස්වීමක් තියන්න බෑ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නෙවෙයි, අන්තර් ජාලයේ. දේශපාලනයෝ විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ලඟට යන්න බෑ. හැම කන්න රැස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ, අසරණවෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්.

දැනට වගා කරලා තියෙන බිම්වලට අවශ්‍ය කෘෂි රසායන ටික දෙන්නේ නැතිව ගමක ගොවි රැස්වීමක් තියන්න බෑ. යන යන තැන ගොවියෝ උද්ඝෝෂණ කරන නිසා රාජ්‍ය නිලධාරීන් රැස්වීම්වලට යන්නේ නෑ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් නිසි මඟ පෙන්වීමක් නැතිව අන්ත අසරණ වෙලා. අහන කිසිම ප්‍රශ්ණයකට උත්තරයක් නෑ.

මාතලේ ගොවියෝ රැසක් වී ගොවිතැනින් ඉවත්වෙලා, බතල හදනවා. ඒ බෙහෙත් පොහොර ඕනි නැති නිසා.
අද ඉදලා කාබනික පොහොර බෙදනවා කියලා අණ බෙර ගහනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ සමස්ථ පොහොර අවශ්‍යතාවයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරලා තියෙන්නේ 2% යි. ගොවියා රවට්ටන්න ගිහින් දැන් රටම රැවටිලා තියෙන්නේ.

Exit mobile version