කුඩු ට්‍රෝලර් දෙක ගැන තොරතුරු පකිස්තානයෙන් මඩකලපුවට ලැබුණු හැටි…..

ගැඹුරු මුහුදේ සිට කුඩු ට්‍රෝලරය ලංකාවේ වරායකට ඇදීම අරඹයි...

මඩකලපුව පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව මඩකලපුව පොලීසියත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් නාවික හමුදාවත් ඒකාබද්ධව ගැඹුරු මුහුදේදී කළ වැටලීමකින් මෙරටට රැගෙන එමින් තිබියදී හෙරෙයින් කිලෝ 1550 කට වැඩි ප්‍රමාණයක් අල්ලාගන්නේ ඊයේ (11 ) අළුයමය. එම නෞකාවේ විදේශිකයන් 09 දෙනෙක් සිටින බව පොලීසිය නිල වශයෙන් සදහන් කළේය. ඒ අය ඉරාන් ජාතිකයන්ය.

මෙම හෙරොයින් තොගය රැගත් ට්‍රෝලරය නාවික හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව මේ වන විට මෙරට වරායක් වෙත   ඇදගෙන එමින් ඇත. ලබන 17 වෙනිදා වන විට එම ට්‍රෝලරය කොළඹ හෝ ආසන්න වරයාක් වෙත රැගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ඉරානයට අයත් මෙම මත්ද්‍රව්‍ය පැටවූ බෝට්ටුව පකිස්තානයේ අප්‍රසිද්ධ ධිවර වරායක සිට මෙරට බලා ගමන් ආරම්භකර ඇත්තේ පසුගිය 12 වෙනිදාය. එත් එක්කම තවත් බෝට්ටුවක් මත්කුඩු පටවාගෙන එම වරායෙන්ම ශ්‍රී ලංකාව බලා යාත්‍රාකර ඇති බව සදහන්ය.


හෙරෙයින් කිලෝ 336 ක් සමග පකිස්තානුවන් 06 දෙනෙක් සමග ගැඹුරු මුහුදේදී පසුගිය සතියේ අල්ලාගන්නේ එම බහුදින යාත්‍රාවයි. මෙම යාත්‍රා දෙක ගැනම තොරතුර ලැබී තිබුණේ එකම තැනකටය. මත්ද්‍රව්‍ය සමග එම යාත්‍රා දෙක ගමන් ආරම්භකළ මොහොතේ සිට සියළුම තොරතුරු මඩකලපුවේ නිලධාරීන්ට ලැබී තිබුණේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ ඒ ලැබෙන තොරතුරුවලට අනුව යමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදාව සම්බන්ධිකරණය කර තිබුණි. ඉතා සාර්ථක වැටලීමක් කරන්නට හැතියාව ලැබෙන්නේ ඒ අනුවය. මෙම වැටලීම් සමග මේ වන විට කොළඹ ඒ අවට ප්‍රදේශවල දැඩි මත්කුඩු හිගයක්ද ඇතිව තිබේ.

 

Exit mobile version