කුඩ්ඩයන් හා පාතාලයන් සමග ඩීල් දැමූ බන්ධනාගාර නිලධාරීන් රත්වෙයි…

දරුවන්ට කන්න දුන්නෙ වෙලේ සුදාලගෙ සල්ලිවලින් කියලා මැරෙන මොහොතෙ පසුතැවෙන්න එපා.. ආරක්ෂක ලේකම් කියයි...

මම මගේ දරුවන්ට ඉගැන්නුවේ කන්න බොන්න දුන්නේ කන්ජිපානි ඉම්රාන්ලා වෙලේ සුදාලා කුඩු විකුණලා මහජනතාවට ගින්දර දීල හම්බ කරපු  සල්ලි වලින් බව මතක් කරම්න්  මරණ මංචකයේදී පසු තැවෙන්නට කටයුතු නොකරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (18) බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඊයේ කොළඹ දී බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතූ ආරක්ෂක ලේකම්වරයා සෑම බන්ධනාගාර නිලධාරියකුම තමන් ගේ හෘද සාක්ෂියට යටත්ව වැඩ කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අතර සෑම බන්ධනාගාරයක්ම දූෂණවලින් තොර ව පවත්වාගෙන යාමට කැපවිය යුතු බව අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අප මේ වනවිටත් මත්කුඩු සහ පාතාල නායකයන් සමඟ සමීප සමබන්ධතා ඇති බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව විමර්ශනය කරමින් සිටිනවා. එයින් එළිවන කරුණු මත අප ක්‍රියා කිරීමේ දී අපට දොස් පවරන්න එපා. බන්ධනාගාරය අධිකරණ අමාත්‍යංශය යටතට අයත් වුවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන්ටද මෙම ආයතනයේ කටයුතු සමඟ සම්බන්ධ වීමේ අයිතියක් තිබෙනවා. ඊට හේතුව 27,000ක් පමණ වන රබන්ධනාගාර රැඳවියන් නීතියේ රැහැනට කොටු කර දුන්නෙ ආරක්ෂක අමාත්‍යංශයට යටතට එන ආරක්ෂක අංශවලින් වීම නිසා.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සහ රාජ්‍ය බුද්ධි සේවය බන්ධනාගාරවල දූෂණවලට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ පෙර සෑම බන්ධනාගාර නිලධාරියකුම තමන්ගේ හදවතට තට්ටු කර අසා ඉදිරියේදීවත් තමන් නිවැරදි විය යුතු බව අවධාරණය කළේය. එසේ නොවන අය සම්බන්ධයෙන් වෙනම නීති ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

Exit mobile version