කී දේ නො අසන ඒ අසංවර මිනිස්සු මරණය එකතු කරති…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැවී අළු වෙමින් ඇත. ඒ නෞකාවේ සැකිල්ල පිළිබඳව හෝ බලාපොරොත්තුවක් නොවේ.

එහි ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය හරහා ඇතිවිය හැකි ඛේදවාචකය පිළිබඳ තවම තක්සේරුවක් නැත. ඒ මරණයෙන් බේරෙන්නට උස්වැටකෙයියාවේ සිට මීගමුව දක්වා වෙරළ තීරයේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික දැනුම්වත් කිරීම් සිදුකර තිබිණි.

එහෙත් ඔවුහු ඒ උපදෙස්වලට අවනත නොවෙති. තවමත් හඳුනාගත නොහැකි ඛේදවාචක සමග එන විෂ කැවුණු නැවේ සුන් බුන් ඔවුහු එකා මත එකා වැටෙමින් එකතු කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ පනවා ඇති කොවිඩ් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ඒ අසංවර මිනිසුන් මරණය පොදි ගසන ආකාරය ගුවන් හමුදාවේ කැමරාවට හසු වී තිබිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා අද (26) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදවා ගිනි නිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය (Dry Chemical Powder) කිලෝ ග්‍රෑම් 850ක් පමණ ගින්න මතට හෙළා තිබිණි.

මීට අමතරව නෞකාවේ ගින්නෙ වර්තමාන තත්වය පිළිබඳව නිරීක්ෂණය කර තොතුරු වාර්තා කිරීමේ වගකීම ද ගුවන් හමුදාව ඉටු කර තිබිණි.

උස්වැටකෙයියාවේ සිට මීගමුව දක්වා වෙරළ තීරයට ගොඩ ගසා ඇති නෞඛාවේ පිලිස්සුණු බහාලුම් සහ සුන්බුන් පිළිබඳ ගුවන් හමුදා ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය සිදු කර තිබිණි.

මේ ඒ නිරීක්ෂණයේ ස්වරූපය ය.

 

Exit mobile version