කිරිපිටි ආනයනය සීමා කරන් සිදුවුනා… ඉදිරියේ දී නවතා දමන්න වේවි… ආනයනකරුවෝ අනතුරු අඟවති…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල ඉහළ යෑම, ඩොලරයේ අගය ඉහළ යෑම හා නැව් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීම සීමා කිරීමට හෝ නවතා දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන සමාගම් කියයි.

කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සමාජිකයෙක්වන ලක්ෂ්මන් විරසූරිය ලංකාසරට පවසා සිටියේ මීට පෙර ද අවස්ථා කීපයක කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලුව ද රජය ඒ සඳහා අවධානය යොමු කළේ නැති බවය.

එබැවින් කිරිපිටි ආනයනය සියයට 70කින් පහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන ඇති බව හෙතෙම පවසයි.

රට තුළ දිනකට කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් බවත්, පවතින තත්වය මත කිරිපිටි ආනයනය කිරීම සීමා කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.

Exit mobile version