කිතුල් රා මදින්න බලපත්‍ර අවශ්‍ය නෑ

නඩු නොදමන්නැයි පොලිස් මූලස්ථානය දැනුම් දෙයි

කිතුල් ගස්වල රා මැදීම සහ කිතුල් ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින්ට නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙයි.

කිතුල් ගස්වල රා මැදීම හා කිතුල් ගස්වලින් රා  නිස්සාරණය කිරීමට බලපත්‍ර අවශ්‍ය නොමැති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේවුවද මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු ලැබෙමින් පවතින බැවින් පොලිස් මූලස්ථානය මෙම දැනුම් දීම කර තිබේ.


Exit mobile version