කෑගල්ල, රත්නපුර බදුල්ල ඇතුළු තවත් නගර ගණනාවක කඩසාප්පු වැසෙයි

පවතින කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ස්වයංව අගුලු ලැමකට ලක් වන නගර අතරට තවත් නගර කිහිපයක්ම එක්වී තිබේ. ඒ අනුව කෑගල්ල, රත්නපුර, තංගල්ල රන්න, අම්බලන්ගොඩ සහ නගරවල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව එම නගරවල ව්‍යාපාරික සංගම් සඳහන් කරයි.

එම නගරවල ව්‍යාපාරිකයන් ව්‍යාපාර ආයතනවල සේවක සේවිකාවන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සේම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා මෙම තීරණය ගෙන ඇති අතර මෙම බොහෝ නගරවල අත්‍යවශ්‍ය ආහාර අලෙවිය ඇතුළු සේවා සඳහා ඇතැම් ව්‍යාපාරිකයන් අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේදලට අනුව ඔවුන් ගේ නිවාසවලට යැවීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩි අවධානම හේතුවෙන් රට දින 14කට වසා සමන ලෙසට සෞඛ්‍ය අංශ සියල්ල රජයෙන් කළ ඉල්ලීම ක්‍රියාත්මක නොවුණු තත්ත්වයක් තුළ මේ අයුරින් මුලින්ම ගමිපහ, මරඳගහමුල සහ වේයන්ගොඩ නගරවල ව්‍යාපාරික සංගම් ක්‍රියා කළ අතර ඊයේ (16)දිනයේ සිට කැකිරාව නගරයද සම්පූර්ණයෙන් වසා දැමීමට එහි වෙළෙඳ සංගම් පියවර ගෙන තිබුණි. මීට අමතරව අම්බලන්තොට මරදගහමුල අම්බලන්ගොඩ වේයන්ගොඩ දංකොටුව සේරුනුවර පළාපත්වල බලංගොඩ වලපනේ ඇඹිලිපිටිය මාතලේයන නගර වසා දැමිමට එම වෙලද සංගමි පියවර ගෙන ඇත.


Exit mobile version