සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල බුළුරුප්ප වලව්වේ හිමිකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිදි යහනේම අත් පා ගැට ගසා ඝාතනය කරයි!

by editor
ඔක්තෝබර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු, ක්‍රිෂාන්ත පුලතිස් මාරපන අත් පා ගැට ගසා ගෙල සිරකර නිදි යහනේදීම ඝාතනය කර තිබියදී පොලිසිය විසින් ඊයේ (28) පෙරවරුවේ සොයාගෙන තිබේ.

කෑගල්ල හෙට්ටිමුල්ලේ පිහිටි බුළුරුප්ප වලව්වේ හිමිකාරිත්ව දැරූ ක්‍රිෂාන්ත පුලතිස් මාරපන වලව්වේ 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස මෙම දේපල භුක්ති විඳමින් සිට ඇත.

ක්‍රිෂාන්ත පුලතිස් මාරපන

ඝාතනය වන විට 75 හැවිරිදි වියේ පසුවූ ඔහු කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය, යන පාසල්වල ගණිත ගුරුවරයෙක් ලෙස සේවය කළ විශ්‍රාමික ගුරුවරයෙකි.

එමෙන්ම ගරු සේවයක් ලෙස වැටුපක් නොලබා කෑගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහජන සේවය කළ ජනතා නියෝජිතයෙකි.

ක්‍රිෂාන්ත පුලතිස් මාරපන දෙදරු පියෙක්වන අතර ඔහුගේ දියණිය මින් පෙර අකාලයේ මිය ගොස් ඇති අතර එකම පුතා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව පොලිසිය පවසයි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

නිවසේ ජීවත් සිට ඇත්තේ ඔහු සහ ඔහුගේ බිරිය පමණි. වයෝවෘද්ධ බිරිය ද එක්තැන් වී සිට ඇත.   අසල්වැසියෙකු වන මහගම ආරච්චිගේ තිලකරත්න නමැත්තෙකු කලක සිට එම නිවසේ රාජකාරි කටයුතු මෙන් ම මුර කටයුතු ද සිදු කරමින් සිට තිබේ. ඔහු දින කිහිපයකට ඉහතදී වලව්වේ කුඹුරුවලට බිත්තර වී රැගෙන ඒමට පොළොන්නරුව ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය පැවසීය.

ඊයේ පෙරවරු 7:30ට පමණ ආණමඩුව ප්‍රදේශයේ ලොරි රථයක් වී මිලට ගැනීමට කෙම්පිටිය වලව්වට පැමිණීම නිසා පෙරවරු 8ට පමණ නිවසේ රාජකාරි කටයුතු කරන මුරකරුගේ පිරිමි දරුවා ද වලව්වට පැමිණ නිවැසි යුවළට කතා කොට තිබේ.

ශබ්දයක් නොමැති තැන ඇර දමා තිබුණු වලව්වේ ප්‍රධාන ‍ෙදාරටුවෙන් ඇතුළතට ගොස් බලන අවස්ථාවේදී එක් ඇඳක ගෙහිමියාගේ කටේ ප්ලාස්ටර් ගසා අත් දෙක බැඳ ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඇති අයුරුත්   එක්තැන්ව සිටි ගෙහිමි කාන්තාවගේ මුවට ප්ලාස්ටර් දමා ඇයට  පහර දී ඇය බිමට ඇද දමා ඇති අයුරුත් දැක තිබේ. අනතුරුව සිද්ධිය පිළිබඳව නිවැසියන්ගේ  ඥාති මිත්‍රයන්ටත් පොලිසියටත් දැනුම් දීමට ගම්වැසියන් කටයුතු කර ඇති   බව පොලිසිය කියයි.

පසුව පොලිස් කණ්ඩායමක් නිවසට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ, යම් පිරිසක් හෝ පුද්ගලයෙක් නිවසට පැමිණ විදුලි මීටරය විසන්ධි කර නිවසට රිංගා නිවස ඇතුළත බඩු මුට්ටු පෙරළා දේපොළ සොයා ඇති බවය.

පසුව වයෝවෘද්ධ යුවළ සිටි කාමරයට ගොස් ගෙහිමියාගේ අත් දෙක ගැට ගසා කටට ප්ලාස්ටර් ගසා ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඝාතනය කොට ඇති බව ත් එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාවගේ කටට ප්ලාස්ටර් ගසා පහර දී කාමරයේ දමා නිවසේ සවි කර තිබුණු සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ රෙකෝඩරයත් රැගෙන නිවසේ පිටත තිබුණු නිවැසියන්ගේ  මෝටර් රථය රැගෙන පළා ගොස් ඇති බව ත් පොලිසිය පැවසීය.

නිවසේ එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාව පසුව ඥාතීන් විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කෙරිණි.

මෝටර් රථය කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ පිංදෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී පිංදෙණිය පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබුණු බව කෑගල්ල පොලිසිය පැවසීය.

පසුව කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර   සහ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිරංජලා කුලතුංග   ද අදාළ නිවසට ගොස් දේහය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදු කෙරිණි.

ඝාතනය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ අදාළ නිවසට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ය.

දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර   වෙත භාර දී පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි. සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවම සූකර උණ අවදානම් කලාපයක් ලෙස නිවේදනය කෙරේ….

Next Post

BMW හොරකමට හිරේ ගිය ජොනී ලියුමක් ලියයි… හිරේ දමා තමන් නවත්වන්න බැරිලු!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.