සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රට ඉදිරිපිට ඇටිකෙහෙල් කෑ උගුඩුවෙක් කළ කොටහේනේ අවකෙළිය…

by editor
පෙබරවාරි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මාධ්‍ය ඉදිරියේ මේ තරම් අපහසුතාවයකට පත්වන ආකාරය දුටුවේ නැත. පසුගිය 22දා සෙනසුරාදා මේ ආකාරයෙන්ම රටේ ආරක්ෂක ප්‍රධානීන් තිදෙනා ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ගේ තත්ත්වයට පත්වන ආකාරය සංවේගයෙන් බලාගෙන සිටියෙමු.

කොටහේනේ දී අත් අඩංගුවට ගෙන නැගිට ගැනීමට නොහැකි වන සේ පහර දී  ඇටකටු කුඩුකර ආයුධ සොයන්නට කාක දූපතට ඇදගෙන ගොස් කෑලි කැපිය හැකි අඳුරේ වෙඩි තබා මරා දැමු සැකකරුවන්ගේ ඝාතනය මේ වනවිට  සමාජය ප්‍රශ්න කරන තියුණු ආකාරය අද අපි කැබිනට් මාධ්‍ය හමුවේ දී දුටුවෙමු. මෙම ඝාතන දෙක පරණ පුරුදු පිටපතටත් නොගැලපෙන ආකාරයේ සාහසික විගඩමක් බවට පත් වී ඇත්තේ ආණ්ඩුවේ නරිවාදම්  රෙදි පල්ලෙන් බේරමිනි.

පිටපතට අනුව මෙවැනි ඝාතන මෙතෙක් සිදුවන්නේ මෙසේය. ආයුද පෙන්වන්න එක්ක යන්නේය. පෙන්නන්න යන එකා එක්වරම පොලිසියේ ආයුධයක් උදුරා ගන්නට යන්නේය. නැතිනම් සඟවා තබා තැබූ ආයුදයක් ගෙන පහර දෙන්නට යන්නේය. අන්තිමට වෙඩි කා මැරෙන්නේය.

මෙතනදී සිද්ධ වන්නේ අපූරු වැඩකි. සැකකරුවන් දෙදෙනා ආයුධ පෙන්වන්න රැගෙන යන්නේය. එක් සැකකරුවෙක් පොලිසියේ ආයුදයක් උදුරා ගන්නට යන්නේය. පොලිසිය සැකකරුවන් දෙදෙනාටම වෙඩි තබා මරන්නේය.   දැන් කෙළවී ඇත්තේ ආණ්ඩුවටය.  අපව බියපත් කරන්නේ තමන්ට පළමු කෙළවිල්ල දැනෙන්නට කෙළවා ඇති බව නොදන්නවා සේ සිදුවන  ආණ්ඩුවේ  හැසිරීමය. ඇත්තටම මේ පට්ට පරණ පිටපත මේ තරම් නාගන්නේ නැතිව මීට පෙර ආණ්ඩු රඟපෑවේය. මේ වැඩේ මීට වඩා ක්ලැසික් විදිහට දේශබන්දු ලවා ටිරාන් අලස්ගේ මෙහෙයවීමෙන් කරගත හැකිව තිබූ බව අප කියන්නේ එබැවිනි.  දැන් මේ සිදුවීම නීතිඥ සංගමය ප්‍රශ්න කර තිබේ. රටේ මාධ්‍ය ප්‍රශ්න කරමින් ඇත. මිනිස්සු මේ සම්බන්ධව ඍජුව රජයෙන් විමසමින් සිටී.

මේ සියල්ල ඉදිරියේ  ආණ්ඩුව හැසිරෙන්නේ අප දන්නා ජඩ දේශපාලනය මෙතෙක් හැසිරුණ ආකාරයට වඩා වෙනස් විදිහකට නොවේ.  එහෙත්  මේ අපරාධය ආණ්ඩුව බලහත්කාරයෙන් පසුකර යන්නට  කරන උත්සාහය සඳහා  සමාජයෙන් ඉඩක් නැති    ආකාරය අද කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ජයතිස්සව මාධ්‍ය විසින් ප්‍රශ්න කළ ආකාරයෙන් පැහැදිලි වුනේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

සිය කතාවට සපුරා වෙනස් භාවිතයක් සම්බන්ධව ආණ්ඩුවේ පැහැදිලි මුල්ම නිල ස්වරූපය නලින්ද ජයතිස්ස හරහා ප්‍රකට වුනේය.

“ආණ්ඩුව අනුදැනුම ඇතිවද කොටහේන සැකකරුවන් ඝාතනය වුනේ. ආණ්ඩුවේ පිළිවෙත මේකද?.  නැවත මෙවැනි ක්‍රියාවක් වෙන්නේ නෑ කියන එක ආණ්ඩුවට සහතිකයක් තියනව ද? ” මාධ්‍ය ප්‍රශ්න කළේය. නලින්ද ජයතිස්ස නිශ්චිත උත්තරයක්  නැත.

“වත්මන් ආන්ඩුව ආවට පස්සෙ සැකකරුවන් ඝාතනය වුන පළවෙනි අවස්ථාව මේක. ඊයේ කැබිනට් එකේදී මේ සම්බන්ධව කතාබහට ලක්වුනා ද?. මොකක් ද ගත්ත තීන්දුව. අත් අඩංගුවට ගත් සැකකරුවන් ඝාතනය වීම ගැන ජනාධිපති තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය තවම වළංගු ද?. මොකක්ද ඍජු ස්ථාවරය සැකකරුවන් ඝාතනය වීම සම්බන්ධයෙන්… ඔබට පොලිසිය වලංගු නැද්ද?. සැකකරුවෙක් පිටතට රැගෙන යද්දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කළා ද?… මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනව ද?. .” යළි යළිත් මාධ්‍ය ප්‍රශ්න කරනවිට ආණ්ඩුවේ නිල ප්‍රකාශකයා ඇටිකෙහෙල් කෑ උගුඩුවාගේ තත්ත්වයට පත් විය.

ලෝකයමට පෙනුන කුපාඩිකම සිදුවූ බව පිළිගන්නට, එවැනි කුපාඩිකමක් යළි සිදු නොවන බවට සහතික වන්නට, අඩුම තරමේ   මෙය තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව කියන්නට ආණ්ඩුවේ නිල ප්‍රකාශකයාට බැරි විය.

රජය භාරයේ ඉන්නා අපරාධකරුවෙකුට වුවද සැලකිය යුතු ක්‍රමවේදයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අපට කියා දුන්නේය. අඒත් ජනාධිපති අනුර කුමාර දිසානායක නීතියට උඩින් හිඳ මිනී මැරීම ආරම්භ කර ඇත්තේය.

අප යළිත් අවධාරණය කරන කාරණාවක් තිබේ. ජනාධිපති වුනේ අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා නොවේ.  පාර්ලිමේන්තුවට පත්වන්නේ නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, හරිනී අමරසූරිය සහ මුහුණක් කටක් නොදන්න සිය ගණනක මාලිමාවුන් ද නොවේ. රට තුළ නීතියේ විධානය ආධිපත්‍ය ආරක්ෂා කිරීමට දේශපාලන ව්‍යාපාරයක් විසින් ලබා දුන් පොරොන්දුව පිළිබඳවූ විශ්වාසනීය බලාපොරොත්තුවය. අප ප්‍රාර්ථනා කළ රාජ්‍ය ගොඩනැගෙනු ඇතැයි අප විශ්වාස කළේ නීතියේ ආධිපත්‍ය හරහා ගොඩනැගෙන ශක්තිමත් පදනම මතය. නලින්ද ජයතිස්ස ඒ ප්‍රාර්ථනා විනාශ කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ පළමු කුළුගෙඩි පහර නිල වශයෙන් අද ගැහුවේය.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව අපට දැන් වැටහෙන්නේය. නලින්ද ජයතිස්ස අද කැබිනට් මාධ්‍ය හමුවේ දී හැසිරුන ආකාරය පහතින් බලන්න. මේ මිනිස්සුන් අවකෙළි කෙළින්නේ අපේ අවසාන බලාපොරොත්තුව සමගය. ගහන ගේමක් රට ඉදිරියේ මේ තරම් කුජීත නොවී ගහන්නට බැරි උද්දච්ඡ ගොබිලන් ටිකක් ලෙස මේ නටන නැටුම මෙතනින් නිමා නොවුනහොත් සිදුවන විනාශය ලංකා ඉතිහාසයේ සිදුවුන බරපතලම ව්‍යසනය වනු ඇත.

මක්නිසාද යත් මේ අවභාවිතා කරන්නට හදන්නේ මිනිස්සුන්ගේ දැල්වෙන හැඟීම්බර බලාපොරොත්තු බැවිනි. මේ වීඩියෝව බලන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුදල් සීමිතයි… උපරිම ඵලදායිතාවය අවශ්‍යයයි… ජනපති රාජ්‍ය සේවයට දැනුම් දෙයි!

Next Post

නාමල් නැවත වරක් CIDයට කැඳවයි…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.