කැබිනට්  අනුමැතිය ලැබුණු  විජේදාසගේ  21ට කිසිසේත් සහය දෙන්නෙ නෑ – සජබ කියයි!

පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට සමගි ජන බලවේගය සහයෝගය කිසි ලෙසකින්වත් ලබා නොදෙන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක ලංකාසරට පැවසීය.

21 වැනි සංශෝධනයට සහය  ලබා ගැනීමට අවශ්‍යනම් අවම වශයෙන් 19 වැනි සංශෝධනයේ අන්තර්ගත කරුණු ඊට ඇතුළත් විය යුතු බව හෙතෙම සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ලෙස පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කිසිදු වැදගැම්මකට නැති හිස් ලියැවිල්ලක් බවත් එවැන්නකට  සමගි ජන බලවේගයේ සහයෝගය ලබා නොදෙන බවත්  තිස්ස අත්තනායක කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජන බලවේගයේ ස්ථාවර ය වී තිබෙන්නේ 19 වැනි සංශෝධනයට එහා ගිය වඩාත් ප්‍රජාතන්ත්‍රීය  ව්‍යවස්ථා සංශෝධනයක් බව පවසන තිස්ස අත්තනායක එවැනි පසුබිමක 19 කරුනු කපා හරිමින් දේශපාලන අරමුණු ඉටු කරගැනී ම වෙනුවෙන් ගෙන එන සංශෝධනවලට කිසිලෙසකින්වත්  සහයෝගය නොදෙන බව ඔහු පෙන්වා දුන්නේය.


Exit mobile version