කාලේ බෝතලේට තැන්පතුව අනිවාර්යයි

අලෙවි කෙරෙන සෑම මත්පැන් කාලේ (මිලි ලීටර 180) බෝතලයකින්ම රුපියල් 5ත් 10ත් අතර තැන්පතුවක් අය කෙරෙන බව පරිසර අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව සෑම මත්පැන් කාලේ බෝතලයක් මිල දී ගැනීමේදීම එම තැන්පතුව ලබා දිය යුතු වේ.

මේ වනවිට මෙම බෝතල් අනිසි ලෙස පරිසරයට බැහැර කිරීම විශාල ප්‍රශ්නයක් වී ඇති බැවින් එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මෙම මුදල අය කිරීම කෙරහි අවධානය යොමු වී ඇත.


මේ වනවිට ශ්‍රි ලංකාවේ බෝතල් මිලියන 120ක් පමණ නිෂ්පාදනය වන අතර එයින් සියයට 60ක් පමණම යළි ප්‍රතිචක්‍රියකරණය කළ නොහැකි තත්ත්වයක් පැවතීම තවත් කරුණකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මත්පැන් බෝතල් අලෙවියේදී නියමිත පරිදි තැන්පතුව අයකර ගැනීමට නිෂ්පාදකයන් අසමත් වේ නම් ඉදරියේදී මෙම මිලි ලීටර 185 බෝතල් තහනම් කරන බවද පරිසර අමාත්‍යංශය පවසයි.

Exit mobile version