කාර්ඩ්පත් ගෙන්වන්න සල්ලි නෑ… රියදුරු බලපත්‍ර ලක්ෂ 09ක් මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසෙයි…

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය විශේෂ කාර්ඩ් පත ආනයනයට අවශ්‍ය විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් මේ වනවිට මුද්‍රණය කළ යුතු රියදුරු බලපත්‍ර ලක්ෂ නවයකට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

මේ වනවිට ඇනවුම් කර ඇති කාඩ්පත් ලක්ෂ පහකින් පනස් දහසක් පමණක් ලැබෙන්නට නියමිතව ඇති බව මේ පිළිබඳව කළ විමසීමක දී දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය. එසේ මුද්‍රණය කරන ගමන් බලපත්‍ර විදෙස්ගත වන්නවුන් සඳහා ප්‍රමුඛතා පදනම මත නිකුත් කීරීම ආරම්භ කර ඇත.

දැනට නිර්මාණය වී ඇති තත්ත්වය තුළ දල වශයෙන් මාසයකට ලක්ෂයක් ලෙස  දිනෙන් දිනම නව රියදුරු බලපත්‍ර එකතුවෙමින් ඇති බවත්  විදේශ විනියම ගැටලුව යම් ප්‍රමාණයකට විසඳුන ද ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර ලබා දීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බව ද එම ප්‍රකාශකයා පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පුරා මාස 09ක් තිස්සේ නව රියදුරු බලපත්‍ර මුද්‍රණය කර නිකුත් කිරීම නැවතී ඇත.


 

Exit mobile version