කාබුල් ගුවන් තොටුපොලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කාර් බෝම්බයක් ඉලක්ක කර ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්

ඇමරිකානු හමුදා විසින් අද (29) පසුවරුවේ කාබුල් නගරයේ බෝම්බ සවිකළ මෝටර් රථයක් ඉලක්ක කර ගුවන් ප්‍රාහරයක් එල්ල කර තිබේ.

අදාල මෝර් රථය කාබුල් ගුවන් තොටුපොළට මාරගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැකසූවක් බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැකකර කරන අතර එයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එහි පිපිරුම් දෙකක් සිදුව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව එහිදී සිදුවූ දෙවන පිපිරීම මොටර් රථය තුල මාරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකිරීමට යොදාගෙන තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පුපුරායාමෙන් ඇති වූවක් බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැක පළ කරයි.


මෙම ප්‍රහාරය සඳහා ඇමරිකානු හමුදා නියමුවන් රහිත ගුවන් යානයක් යොදාගෙන ඇති අතර ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට හානියක් සිදුවන ඇති බවට වාර්තා නොවන බවද ඇමරිකානු ආරක්ෂක අංශය සඳහන් කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර ඇත්තේ ප්‍රහාරයත් සමඟ අවට ප්‍රදේශ පුරා දැඩි දොන්කාරයක් දුන් බවයි.

මේ අතර කාබුල් ගුවන් තොටුපොල ආසන්නයට රොකට් ප්‍රහාරයක්ද එල්ලවී ඇති අතර එහිදී කුඩා දරුවකු මරණයට පත්ව ඇති බවටද වර්තා වේ.

ඉකුත් බ්‍රහස්පතින්දා කාබුල් ගුවන් තොටුපොල ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ලවූ අතර එහිදී ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකු ඇතුලු 175ක් පමණ මර්ණයට පත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රහාරයත් සමඟ කබුල් ප්‍රහාරයේ වගකීම භාරගත් අයි එස් අයි එස් කේ සංවිධනයේ සැලසුම්කරුවන් ඉලක්ක කරද ගුවන් ප්‍රහාර එල්ල කෙරිනි. එහිදී එම සංවිධානයෙන් සැලසුම්කරුවන් දෙදෙනෙකු මරණයට පත්ව තවත් අයෙකු තුවාල ලැබීය.

Exit mobile version