ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා 18 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩළ රැස්විමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමට තීරණය කරනු ලැබීනි.
ඒ අනුව ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ද මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ වෙති.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කර තිබිණි.
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අමුරණ වේ.







