කළුතර දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකාර සල්ලාලයා පොලිස් අත්අඩංගුවට…

සුමිත් පොතුපිටිය –

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ  ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අළුයම වැටලීම කර ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.


කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ   උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා‍ෙගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් වැටලීම සිදුකර  ඇත.

සැකකරු  පොලිසිය විසින් නිවැරදිව හඳුනාගෙන ඇති බවත් දැන් ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීම බවත් පොලිස් මාධය ප්‍රකාශක නිහාල් තල්දූව ඊයේ මාධ්‍යයට කීවේය.

මෙම තැනැත්තා ගාල්ල බේරුවල සහ කළුතර ව්‍යාපාරවල නිරත පුද්ගලයෙකි. 29 හැවිරිදි ඔහු විවාහ දෙක්ක කරගත් පුද්ගලයෙක් බවත් වාර්තා වි තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැරියගේ මරණයෙන් පසු මිනිය හංගන ලෙස ඔහුත් සමග හෝටලයට ගිය අනේක තරුණ යුවලේ තරුණයාට උපදෙස් දී ඔහු අධිවේගී මාර්ගයේ ගැලනිගමට පැමිණ, තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය මග දමා පලා ගොස් සැඟවී සිටිය දී මෙසේ අත්අඩංගුවට පත් වි ඇත.

 

Exit mobile version