කරාපිටියේ අතහැර ගිය කොවිඩ් මරණයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දුන්න තීන්දුව…

චක්‍රලේඛ අනුව කටයුතු කරන්න උපදෙස්....

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ්  ආසාදිත පුද්ගලයාගේ  අවසන් කටයුතු කිරිම සම්බන්දව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්  අසේල ගුණවර්ධන මහතා විසින්  ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත අද (23)  ලිඛිතව දැනුම් දි ඇත.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට අනුව කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් මා විසින් මිට ඉහතදි නිකුත්කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළයුතු බවත් එම උපදෙස් පිළිබඳව ගරු මහේස්ත්‍රාත් තුමිය දැනුවත් කොට අවශ්‍ය කටයුතු සිදුකරණ ලෙසයත් දනවමි යැයි එම ලිපිය මගින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැනුම් දි ඇත.

මෙම මෘත දේහය කොරෝනා නිති හා රෙගුලාසි යටතේ අනිවාරයෙන්ම ආදාහනය කරණවා ද නොඑසේනම් අධිකරණ ඇමති අල්සබ්‍රි  යෝජනා කොට ඇති පරිදි  සිසිල් කළ කන්ටේනර් පෙට්ටි ලැබෙනතෙක්  මෙම මෘත ශරිරය කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කොට තබනවා ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරි තත්වයක් මතුවි ඇත.  


ඒ නිසා  මෙ සම්බන්දයෙන් ගතයුතු  උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් ගාල්ල   අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකොට තිබුණි.

මේ සම්බන්දයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ  උපදෙස් ලබාගෙන එකී උපදෙස් පරිදි ක්‍රියාකිරිමට  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ   ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට  නියෝග කොට තිබුණි.. 

ඒ අනුව ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් මේ සම්බන්ධව උපදෙස් පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කිරීමට කටයුතු කරණු  ලැබිය.

ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරුපියා පසුගිය 19 වැනිදින මියගිය අතර  මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දී  ඔහුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරුවි තිබුණි. 

මෙකී මරණය සම්බන්ධව හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන  ලොකුගේ  මියගිය තිදරුපියාගේ දේහය නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ  අදාහනය කරණ ලෙස   නියෝග කොට තිබුණි.  

ආදාහනය කරන්නෙ නම් සිරුර බාර නොගන්නා බවත්, භූමිදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය බාරගන්නා බව පවසමින් මියගිය අයකුගේ පුතෙකු මරණ පරික්ෂණයේ දි ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව යනු ලැබිය.  එම තත්වය නිසි මෙකි  මෘතදේහයේ අවසන් කටයුතු කළයුතු ආකාරය පිළිබද ගැටළුකාරි තත්වයක් ඇතිවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version