සූරියවැව නුවන් ජයසේකර –
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට සංචාරය සදහා පැමිණි සිටින විදේශිකයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීමට නව රජය කටයුතු කර තිබේ.
ඒ අනුව සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් අස පෙරවරුවේ කතරගම කිරිවෙහෙර හා කතරගම දේවාලය වැදපුදා ගැනීමට පැමිණි අතර ඔවුන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණි.
සංචාරය සදහා එක්ව සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිස පැවසුවේ අ කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව තුළ සංචාරයේ නිරත වන බවත් අවශ්‍ය ආරක්ෂා ඕනෑවටත් වඩා ලබාදීමට ආරක්ෂ අංශ හා රජය කටයුතු කර ඇති බවත්ය.තොරතුරත් මත අරුගම්බේ, බන්ඩාරවෙල, ඇල්ල, මාතර, වැලිගම, අහුන්ගල්ල ඇතුළු සංචාරකයින් ගැවසෙන් ස්ථාන රැසක ආරක්ෂව තීව්‍ර කිරීමට රජය කටයුතු කළේය.
මේ වනවිට තත්ත්වය පාලනය වී ඇතත් අඛණ්ඩ ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙල ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන්නේය.







