ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත සදාකාලිකව වළ දැමීමේ සූදානමක් !

දැනුම් දීමයි... ජාතික අපරාධයක් හෙට උදේ සිදුවීමට නියමිතයි!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මතභේදයට ලක්ව පවතින දත්ත පද්ධතියේ මැකී ගිය  දත්ත යළි ප්‍රතිස්ථාපනය කිරීමට නම් එය කිසිදු අවස්ථාවක කවර ආකාරයකින්වත් අක්‍රිය කර යළි පණගැන්වීමක් (රීස්ටාට් කිරීමක්) නොකළ යුතු බවට පරිගණක විශේෂඥයන් ඇතුළු මෙම දත්ත පද්ධතියේ වැඩ ප්‍රවාහ කළමනාකරණය කළ සමාගම ලිඛිතව ඉල්ලා ඇති පසුබිමක් තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හෙට දිනයේ එවැනි “රීස්ටාර්ට්“ කිරීමක් සිදු කිරීමට හදිසියේ තීරණයක් ගෙන ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තීරණයට ඖෂධ නියාමන අධිකරියේ ප්‍රධානින් කිහිප දෙනකු ද ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතානයතන බලධාරීන් ද සම්බන්ධ බවට පවසන ආරංචි මාර්ග මෙම දත්ත පද්ධතියේ තොරතුරු සදාකාලිකව මැකී යාමේ අනතුරක් එයින් මතුවන බවට  දන්වා සිටී.

දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන දත්ත පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති ව නොමැති පසුබිමක් සහ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් මෙන්ම මෙම දත්ත පද්ධතිය සම්බන්ධයෙන් අධිකරණ වාරණ නියෝගයක් පවතින පසුබිමක් තුළ හදිසියේ එම දත්ත පද්ධතිය එවැනි තත්ත්වයකට පත් කිරීමේ අරමුණ සම්බන්ධයෙන් සැක සහිත පසුබිමක් නිර්මානය වී ඇතැයි මේ පිළිබඳව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.


මෙම දත්ත පද්ධතිය කළමනාකරණය කිරීමේ කටයුත්ත සිදු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත්කොට ඇප ලබා දී තිබේ.

එම පරීක්ෂණ කටයුතු ඉදිරියට යද්දී මෙම දත්ත පද්ධතියේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමට නොහැකි පරිද්දෙන් එය අක්‍රිය කොට යළි  පණ ගැන්වීමට අදාල තීරණය ලෙන අතැතේ තොරතුරු තාක්ෂණ නියේජිතායතනයේ තීන්දුවකට අනුව බව සඳහන් වෙයි.

අදාළ දත්ත කළමනාකරණය කළ සමාගම මැකි ගිය දත්ත ගොනුව යළි ප්‍රතිස්ථාපනය කරන තෙක් එය එසේ නොකරන ලෙස ලිඛිතව ද දන්වා ඇති අතර එයින් යම් ආකාරයට එම දත්තවලට හානි වුවහොත් තම සමාගම කිසිදු වකීමක් නොදරන බවටද සඳහන් කර ඇති බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිට එම සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට එන්තරවාසියක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත  සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද ඔහු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Exit mobile version