ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පාර්ලිමේන්තුවට යන්නීය. ඇය කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුය.  ඊයේ (21) පැවති ඔස්ට්‍රෙලියානු මැතිවරණයෙන් ජයගත් එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට යන්නීය. ඇය එම අසුන හිමි කරගන්නේ තවත් ශ්‍රී ලාංකිකයෙක් පරාජය කිරීමෙන් වීම විශේෂය. 

කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු  උපත ලැබුවේ  ශ්‍රී ලංකාවේ දීය. වර්ෂ  1988 දී ය.    ඇය 2022 ෆෙඩරල් මැතිවරණයේදී හෝල්ට් ආසනය සඳහා ඕස්ට්‍රේලියානු කම්කරු  පක්ෂයන් තරග වැදුනාය.

ඇය සිය දෙමාපියන් සමග  ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නී වර්ෂ  1999 දී ය.   ඇය හැදී වැඩුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් උතුරු ප්‍රදේශයේය.

කැසැන්ඩ්‍රා  ආගන්තුක සත්කාරය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ අධ්‍යාපන සහාය පිළිබඳ වෘත්තීය සුදුසුකම් ලබා ඇති තැනැත්තියකි. කම්කරු ප්‍රජා වෙනුවෙන් යොවුන් ජීවිතය කැප කළ තැනැත්තියකි


පේස්ට්‍රි සූපවේදිනියක  ලෙස   වසර 15 කට ආසන්න කාලයක්  වූල්වොර්ත් සුපිරි වෙළඳසල් ජාලයට සම්බන්ධව ඇය   ඩැන්ඩෙනොං ප්ලාසා වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇය සේවය කළාය.      ඇය සාප්පු, බෙදාහැරීමේ සහ අනුබද්ධ සේවක සංගමයේ  කම්කරු පක්ෂ නියෝජිතවරියක් බවට පත් වූ අතර පසුව එහි සංවිධායකවරියක් ලෙස වසර පහක් සේවය කළාය.

හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග  කැසැන්ඩ්‍රා එම අසුන ජයග්‍රහණය කළේ ලිබරල් සන්ධානය නියෝජනය කළ රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමිනි.  රාජන්  ද ශ්‍රී ලාංකිකයෙකි. එහිදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඡන්ද 39,185 ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 57.09 ක් ලබා ගත්තාය.   රාන්ජ් පෙරේරාට හිමි වූයේ  ඡන්ද 28,777 කි.  එනම්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 42.91 කි.

34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රෙලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාවය.

මෙවර ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු තරග වැදුනහ.  ඔවුන් තුන්දෙනාම තරග වැදුනේ  ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙනි. හෝලට් අසුනට තරග වැදුණු  කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු සහ රාජන් පෙරේරාට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කොලින් අසුනට ලිබරල් සන්ධානයෙන්   ශ්‍රී ලාංකික විරෝෂ් පෙරේරා තරග කළේය. ඔහුට හිමි වූයේ  ඡන්ද 12,543 ක් එනම්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 34.86 ක්  පමණි.

ඊයේ පැවති මැතවරණයෙන් කම්කරු පක්ෂයෙන් ඉදිරිපත් වුණු ප්‍රවීණ දේශපාලනඥ  ඇන්තනී ඇල්බනීස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විනි. ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය පරදවා මෙලෙස ඔස්ට්‍රෙලියාවේ කම්කරු පක්ෂ රජයක් බිහි වී ඇත්තේ දශකයකින් පමණ පසුවය.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂයට ආසන 72 ක් හිමි වී ඇති අතර, ලිබරල් සන්ධානයට හිමිව ඇත්තේ ආසන 55 ක් පමණයි. කෙසේ නමුත් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 76 ලබාගැනීමට ඔවුන්ට හරිත පක්ෂය, ස්වාධීන සහ අනෙකුත් සුළු පක්ෂවල සහාය ලබාගත යුතුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


59 හැවිරිදි නව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (22) උදෑසන දිවුරුම් දීමට නියමිතය.

 

 

 

Exit mobile version