ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා සැර අඩුයි – රෝහල්ගත කිරීම් අවදානම තුනෙන් එකයි!

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් රෝහල්ගත වීමේ අවදානම ඩෙල්ටා ප්‍රභේදයට වඩා තුනෙන් එකක් පමණ අඩු බව  බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දස ලක්ෂයක් පමණ පිරිසක් ඇසුරේ කළ විශ්ලේෂණයකදී අනාවරණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය පුද්ගලයන් අතර බෝවීමේ දැඩි වේගයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේද රෝහල්ගත කිරීම් සීඝ්‍රයෙන් ඉහළ ගියද  නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු බවක් පෙන්නුම කරන බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම පර්යේෂණය සිදුකොට ඇත්තේ කේම්බ්රිජ් සරසවියේ ජෛව සංඛ්‍යා ලේඛන අංශය සහ එක්සත් රාජධානියේ  සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියයි.  ඔවුන් ඔමික්‍රෝන්  රෝගීන් 528,176 ක් සහ ඩෙල්ටා රෝගීන් 573,012 ක් විශ්ලේෂණය කිරීම සඳහා සහභාගී කරවාගෙන ඇත. එසේම මෙම පර්යේෂණයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නත් හොඳින් ක්‍රියා කළ හැකි බව ද  සොයාගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම විශ්ලේෂණයේ දී, එන්නත් 2 සහ 3 මාත්‍රාවලින් පසු රෝග ලක්ෂසහිත හෝ රෝග ලක්ෂණ නොමැති ආසාදනය සහිත ඔමික්‍රෝන්  රෝගීන් සඳහා රෝහල්ගත වීමේ අවදානම අඩු බව පෙනී ගියා. විශේෂයෙන් මාත්‍රා තුනම ලබා ගත් අය අතර රෝහල්ගත වීමේ අවදාපම සියයට 81කින් පමණ අඩු  බව තහවුරු වී තිබෙනවා. .”එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය පවසයි.

Exit mobile version