ඔත්තුකරුවන් ඝාතනය පසුපස දේශපාලකයින්ගේත් පොලිසියේත් ගජයෙක් වූ මහාපරිමාණ කුඩු ජාවරමෙක්!

එංගලන්තයේ සිට මෙහෙයුම... ඩුබායිවල සිටින පාතාලයින් සංවිධානය කර මිනී මැරුම් රැල්ලක් හදලා ..

කිලෝ සිය ගණන් මත්කුඩු අල්ලන්න පොලීසියට තොරතුරු ලබාදුන් ඔත්තුකරුවන් ඝාතනය කෙරෙන්නේ රටින් පලාගොස් සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවන් සන්ධානගතව විශාල මුදලක් වියදම් කරමින් බව බුද්ධි අංශවලට මේ වන විට තොරතුරු ලැබෙමින් තිබේ.

එංගලන්තයේ ජීවත්වන ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් ඩුබායි ඇතුළු රටවල් කිහිපයක රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සන්ධානගතකර ඇති බව ද එම තොරතුරුවල සඳහන්ය.

සිය ජාවාරමට ප්‍රබල හිසරදයක් වී ඇත්තේ එකට සිට පොලීසියට තොරතුරු ලබාදෙන්නන් බැවින් පවතින ආනාරක්ෂිත දේශපාලන වටාපිටාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔත්තුකරුවන් හඳුනාගෙන මරා දැමීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

එංගලන්තයේ රැදී සිටින මත්කුඩු ඡාවාරම්කරු දේශපාලනඥයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන්නෙකි. මැතිවරණ කාලවලදී කෝටි ගණන් දේශපාලනඥයන්ට වියදම් කරන්නෙක් වන අතර දේශපාලනඥයන්ට සුඛෝපභෝගී  මහල් නිවාසවලින්   කෝටි ගණන් වියදම්කර නිවාස පවා මිලට ගෙන දී තිබේ.


මේ වනවිට  ප්‍රබල දේශපාලකයෙක් මෑතක දී    එංගලන්තයේ  කළ සංචාරයක් අතරතුර    මෙම මත්කුඩු ජාවාරම්කරුව එරට හෝටලයකදී හමුවී තිබුණි. මත්කුඩු ජාවාරම්කරුට ලංකාවේ බිරියක් සිටින අතර ඔහු එංගලන්ත ජාතික කාන්තාවක්ද විවහා කරගෙන එරට පුරවැසිභාවයද ලබාගෙන සිටී. එංගලන්තයේ ඔහුට අයත් අවන්හලක් මෙන්ම විදේශ මුදල් හුවමාරුකිරීමේ මධ්‍යස්ථානයක්ද ඇති බව සඳහන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසියේ ලොකු කුඩා නිලධාරීන් රැසක් ළඟින් ඇසුරුකරන පුද්ගලයෙක් වන මෙම මත්කුඩු ඡාවාරම්කරුට වරක් ගිනි අවි බලපත්‍රයක් පවා ලබාදීමට පොලිස් ස්ථානාධිපතිවරයෙක් නිර්දේශකර තිබුණි.

Exit mobile version